නම කියූ සැනින් මතක් ඔබට මතක් වෙන්නේ කුමක්ද. නෑ ඒක ගැන නෙවේ කියන්න යන්නේ (නමුත් ඒ සමග සම්භන්ධයක් ඇති බව කිව යුතුය..) ඒ අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්තරා ජුගුප්සාජනක පුද්ගලයෙකු ගැන..
වෙන මිනිසුන් මෙලොවට බිහි වෙද්දි රීදී හැන්ද හෝ රන් හැන්ද කටේ ගහන් පැමිණියද මොහු පැමිණ ඇත්තේ මෙන්ඩිස් කාලක් කටේ ගහගෙනය..
අඩි හයකට වඩා උස පුද්ගලයෙකු වන බාවා හට බාවා යන නම ලැබීමට හේතුව ඔබගේ හිතේ තියෙන හේතුවම බව මට පසක් කර කිව හැකීයි.
ඔහුගේ මතය "අපේ තාත්තා නැත්තම් තොපි බොයි සිකරට්".
මන්ද ඔහුගේ පියාගේ නම ජෝන්ය.. කොයි එතකොට ප්ලේයර්..
ප්ලේයර් තමා බාවා. මොකද ඌ ප්ලේ කරන ගේම් දන්නේ ඌත් උගේ යාලුවනුත් පමණකි.. කිසිදා හොර මැර වැඩ නොකරන ඔහු සමාජයට විහිලු සපයමින් ජීවත් වන්නෙකි..
වෘත්තීයයෙන් බර වාහන රියදුරෙකි.. කාලෙකට ටිපර් රථද කාලයකට බස් රථද ලෙස තට්ටු මාරු ක්‍රමයට වෘත්තීය කරන ඔහු නැවත අයිති කරුවන් හට රථය භාර දෙන්නේ කන්ඩම් අවස්ථාවට වඩා මඳක් පමන හොඳින්ය..
ඔහු කල වැඩ ගැන කියනවානම් පොත් රාක්කයක් පිරෙන්නට ලිවීමට කරුණු ඇත..දෙකක් හෝ තුනක් මෙයින් දක්වන්නම්..
අපගේ තරුණ කැල විසින් වාර්ෂිකව සංවිධානය කරන පොසොන් මහා බැදපු බත් දන්සැලට සංවිධානය වෙමින් පැවතියේ පොසොන් දිනට පෙර දිනයේය.. හදිසියේම කසා වර්ණ සහ හරිත වර්ණ ලේබලයෙන් හැඩ ගැන්වුණු, සුණඛයින් පන්නා දැමීමට යොදා ගන්නා බෝතලයක් ඉනේ රඳවා එම ස්ථානයට පැමිණියේ කවුරුත් නොව අපගේ කථා නායකයා වන බාවාය..
පසුව අප කෑම පිළියෙල කරන දෙස විවිධ කෝනයන් ඔස්සේ නැරඹූ ඔහු අපෙන් පැනයක් විමසීය.. අප කරමින් සිටි කාර්යයන් පසුවට දමා ඒ කුමක්දැයි විමසීමු..
"උඹලා දැකලා තියෙනවාද මැහි බතල.."
අප වික්ෂිප්ත වූ දෑසින් ඔහු දෙස බලා සිටිද්දි ඔහු මුඛයත් විවර කර ගනිමින් අවඥ්ඥා සහගත බැල්මක් හෙලුවේය..
අප දස අතේ කල්පනා කලේ මේ බතල වර්ගය මැලේසියන්ද තායිලන්තද නැතහොත් ඇමේසන් වනයේ ගෝත්‍රිකයන් විසින් සොයාගත් අල වර්ගයක්දැයි කියාය.
"තොපි දන්න මැහි බතල" යනුවෙන් පවසා බෝතලය ගෙන තවත් උගුරක් කට තබාගෙනම පානය කල ඔහු, ක්‍රෑක් තූඃ කියා කෙළ පිඩක් ගැසුවේය.
බෝතලය පසෙකින් තබා සරම කැසපොටේ ගහගනිමින්,
"හිටපල්ලාකෝ පෙන්නන්න" කියා සරම උස්සා ලේන් පැටවකු සුරතල් කරන්නා සේ තමාගේ ලිංගය අත උඩ තබා උඩ දමන්නට විය..
"මේ තියෙන්නේ මැහි බතල" කියන විට වට පිටාවෙන් කුණුහරප වැල් පිටින් නිකුත් වූ අතර මට එහායින් සිටි අයෙක් පිහිය අතට ගත්තේ මොන මගුලකටදැයි නොදනිමි. හැබැයි මා විසින් ඔහුව වලක්වාලූයේ තවත් දෙතුන්දෙනෙක් මෙලොවට බිහි කිරීමට සහ සමාජ සේවා විශාල ප්‍රමාණයක් ඇණ හිටීම වැළැක්වීමටයි..
නමුත් ඔහුගේ සුරත මත තිබූ දෑ දුටු මට හැඟුනේ බාවා යන නාමය ඔහුට සාධාරණයට එහා ගිය යුක්තියක් ඉටු කර ඇත් බවයි.
දෙවැනි සිද්ධියනම් අපගේ පන්සලේ වැඩ සිටි නායක හිමියන් අපවත් වූ දිනයේ සිදු වීමයි...
ගුදමකින් පමණ සූර් වී සිටි බාවා තොමෝ කැටුව අපද විහාරස්ථානයට ගියේ හිමියන්ගේ දෙනට නමස්කාර කිරීමටයි.. නමුත් විහාර ගෙට ගිය මොහොතේ අපට මුහුණ දෙන්නට සිදු වූයේ මහත් වූ අකර තැබ්බයකටයි..
ඒ කුමක්ද යත් ධර්ම ශාලාවට ඇතුල් වන විටම දෑත් හිස මුදුනේ තබා බාවා හැඬීමට පටන්ගත්තේ මේ කුමක් සිදු වුනාදැයි අපට හිතාගන්නටවත් කාලයක් නොතබායි..
ඒ විතරක් නොව ඔහු වැලපුනේ නිකන්ම නොවේ ඒ මෙසේයි..
"අනේ අපේ හාමුදුරුවනේ....කීයක් සනසපු එකක්ද අද ඉතිං මේ අත් දෙකෙන් වහගෙන ඉන්නේ.." යනුවෙනි.
එය කන වැකුණු දෙන වටා සිටි ගමේ ගැහැණුන්ගේ දෑස් වල ගිණි පුළිඟු මතු වනු දුටු මම සහ අනිත් සගයින් දෙදෙන බාවාගේ අතින් ඇදන් එළියට පැමිණියේ තවත් සුළු වේලාවක් මෙහි නතර වුවහොත් අපගේ අවමගුල හිමියන්ගේ ආදාහනයට පෙර ගැනීමට සිදු වෙන බව හැඟුනු නිසාවෙනි..
මේ කොහේවත් යන බාවෙක් ගැන මම මොන අටමගලයකට මේකේ ලීවාදැයි දැන් මට සිතේ... අමාරුවෙන් දෑඟිලි මත දහදිය වගුරුවමින් ලියූ මෙය මකා දමන්නට ලෝභ කමේ මෙහි පෝස්ට් කරමි..
බාවා පිළිබඳ තවත් කථා බලාපොරොත්තු වන්න..
ස්තූතියි 🙏
#බණ්ඩා