Friday, October 25, 2019

දැලි ගෑම

මතකයිද අර මම කලින් ඒකක කිව්වා මගේ අතිජාත අයියා ගැන. අර ලයිට් හදපු ඒකා තමා. උට දැනට නම දාමු "‌කොච්චියා" කියලා..(ඒ්වානං අහන්න ඒපා.. කන ලග සහරා ප්ලෑස් නන්ස්ටොප් දාලා තරජනය කලත් කියන්නේනම් නෑ.. ‌මොකද ඒ්වා පරම්පරාවෙන් ආව නම්)

 බුවාගේ ඒක්කුස උපන් මාමාගේ ‌වෙඩිම තිබුනා පට්ට කාලෙකට කලින්..  ආ ඒ් මාමා තමා අර ලැට්..🙊 නෑ නෑ ‌වොෂ් රූම් ඒක හදන්න අත් උදව් දුන්නේ.. 😈


නෑ නෑ මාමා ‌නෙවේ අද කථාවේ කථා නායකයා... ඒකෙක් මගේ අතිජාත අපාය සහයක ‌කොච්චියා.. අනිත්  ‌‌‌කෙනා මගේ ‌ලොකුඅප්පච්චි.. බනින්නනම් ඒපා පවුල‌ේ උන්ගේ ‌‌රෙදි ගලවනවා කියලා.. බණ්ඩා ඉතිං අහිංසකයි රටක් වටීනේ ආදරේටනේ.😋
අනේ ඉතිං ඒ් ‌ලොකු අප්පච්චි ගැන කියනවනං මලගෙදරක පුල් නයිට් 3 හමාරක්ම ඒකදිගට කියන්න තරං කතා තියෙනවා.. ඒ තරම් රටට නැතත් අපිට වැඩදායි පුද්ගලයෙක්. හාවා ගැන කියාගෙන ගිහින් පදුර ගැන කිව්වද මන්ද.. හාවා ‌හොයමුකෝ දැං..

වෙඩිම දවසේ ‌ගෙදරට වතුර ගන්න ඒක තමා ‌ලොකුම අවුල තිබුනේ... ‌ප්ලෑන වුනේ ලග තිබුන ලිදකින් ‌ගෙදර තිබුන  ඇස්ලෝන් ටැංකියට වතුර ගන්න ඒක.. බට ටික එලලා ‌මෝටරෙත් බටේට ගහලා ‌‌‌කොච්චියාගේ ‌ලොකු මාමා කිව්වා වයර් ඒක දීලා, ‌මේ වයර් ‌දෙකයි ‌මෝටරේ වයර් ‌දෙකයි හතර ගැට ගහපං කියලා.. කාටද කිව්වේ.. ‌කොච්චියාටම තමා.. ගැට ගහලා හූවක් කියපං කිව්වා..😜

මම ‌‌ප‌ොඩි ඒකානේ ඒ් කාලේ.. ගඩොලක් උඩට ‌වෙලා බලන් හිටියා.. ‌ලොකු මාමා ගිහිං ස්විච් එක දැම්මා විතරයි ‌මෙන්න ‌කොච්චියා ‌බෙරිහං ‌දෙනවා ගිනි ගන්නවෝ කියලා..💥 ‌ඒහෙමම මම හිතන්නේ ‌ගෙදර ෆියුස් ඒකත් ගියාද ‌කොහෙද.. දුවං දුවං ගිහිං බලද්දි ‌මොනවද ‌මේ යකා කරලා තියෙන්නේ.. වයර් හතරම ඒකට ගැට ගහලා උඩිං ‌ෂොපින් ඒකකුත් බැදලා.. ‌ෂෝට් ‌වෙනවට ‌වෙන්ටෑ😹😹

ඊලග කතාවනං අනේ මන්දා කියලත් බෑ ‌නොකියත් බෑ.. අනේ වැදලා ඉල්ලන්නං ‌මේක ‌ෂෙයා කරනවා එහෙම ‌නෙවේ ඔන්න.. කාලෙකින් ‌ගෙදර යන්න ඉන්නේ.. ඒ අවස්ථාව නැති කරන්නනම් එපා ‌දෙයියෝ🙏

අපේ ‌‌ලොකු අප්පච්චීයි ‌ලොකු අම්මායි ගිහින් තියෙනවා පිච්ච මල් පූජාවට.. මුලින්ම කියන්න‌ෝන ‌ලොකු අම්මා අදට මාස 3කට කලින් අපි අතරින් සමු ගත්තා.. නිවන් සුව ලැබේවා ‌‌ලොකු අම්මේ..🙏

කතාවට යමුකෝ.. ‌දෙන්නා පිච්ච මල් පූජාවට ‌මේ ගිහින් තියෙන්නේ ‌දෙවෙනි වතාවට..  ‌මෙයාලා කලින් සැරේ නැවතිලා තියෙන්නේ විශ්‍රාම ශාලාවක.. ‌මේ පාරක් ‌දෙන්නා ගිහින් තියෙනවා විශ්‍රාම ශාලාව ‌හොයාගෙන.. ‌කොහොම හරි රෑ 1 විතර ‌වෙනතල් ‌හොයාගන්න බැරි ‌වෙලා.. පහුවදා ‌ගෙදර ආවාම අපි ඇහුවා විස්තරේ.. අපේ ‌‌‌ලොකු අප්පච්චිගෙන් වැඩිපුරම ආතල් ගත්තේ ඔය ‌කොච්චියයි මමයි තමා.. 😝

මෙහෙමයි කතාව..

ලො.අ- "අනේ මන්දා පුතා ඇවිද්දා ඇවිද්දා මිනිසුන්ගෙන් ඇහුවා එකෙක්වත් දන්නෑනේ.."

කොච්චියා-" ඉතිං ‌ලොකුඅප්පච්චිලාට මතක නැද්ද විශ්‍රාම ශාලාවට හැරෙන තැනකවත් සලකුණක්වත්"

ලො.අ- " සළකුණක් බලාගෙන තමා ගියේ පුතා"

කොච්චියා- " පාර හැදුවනේ.. අයින් කරන්න ඇති"

ලො.අ- " ‌වෙන්න ඇති පුතා..කැඩිච්ච ‌ලොකු ‌ලොරියක් නවත්තලා තිබුනේ කලින් සැරේ යද්දි.. ඒක ‌හෙව්වා ‌හෙව්වා.. ම්හු.. තිබ්බේ නෑන‌ේ"

මට පුහ් ගාලා සද්දෙකුත් ආවා ‌කොච්චියාගේ සරම පැත්තෙනුත්.. සමහර විට හිනාව උඩින් හිර කරපු නිසා යටින් යන්න ඇති..  😆




ආයෙත් දවසක් ‌වෙලේ ළිදට ගියා ‌කොච්චියයි මමයි නාන්න.. ‌මේ ලිද ලගම පහලින් ‌ලොකු අප්පච්චිගේ කොරටුවක් තියෙනවා. ඔතන හදලා තියෙනවා වැට දිගට පුවක් ගස් වගයක්.. ඔය නියරෙන් තමා ‌ගොඩක් අය එහා ‌මෙහා යන්නේ.. කවුරු හරි අත්තක් කඩලා දාලා තියෙනවා පුවක් ගහක.. අපේ ‌ලොකුඅප්පච්චිට මල පැනලා ගහේ පිහියෙන් ලියලා " ‌මේක කඩපු එකාගේ අත කැඩියන් කියලා"😂

අපි ‌දෙන්නා ‌දෙමු වැඩක් කියලා ලග තිබූන ගල් කැටයක් අරන් ලිව්වා " ‌මේක ලීයපු එකාගේ අත කැඩියන්" කියලා..

පහුවදා බලද්දි හත්වවලාමයි පුවක් ගහ ලග පහනකුත් තියලා ‌පොලයක් බිදපු ලකුණු තිබ්බා.. හැබැයි පුවක් ගහනම් තිබුනේ නෑ.. මුලින්ම කපලා ගිණි ‌මැලයක් ගහලා ගිණි තියලා🙈

අපරාදේ ‌පොල් ‌ගෙඩිය.. ඒ දවස් වල 35ක්ද ‌කොහෙද..😕

තව තියෙනවා වත්තේ මිදි තිත්තයි කියලා වැල මුලට සීනි දාපුවා, ඇත් ‌දොඩං කඩන්න ගිහිං දත් කඩාගත්තුවා, වගේ ‌ගොඩක් ‌දේවල්.. මම කිව්වේ.. නයිට් 3 හමාරකටම කතා තියෙනවා කියලා.. කියන්න පුලුවන්.. ‌මේවා ලීක් උනොත් මටත් අර අහවල් මාධ්‍යවේදියා‌ට උනා වගේ ‌වෙච්ච ‌දෙයක් නැති ‌වෙන එක.. 😠

එන්නං එහෙනං ඈ...🙋

#බණ්ඩා


No comments:

Post a Comment