Wednesday, October 23, 2019

෴ලයිට් බාස්.෴


ගමේම උන්දැලායි පිට ගං වල උන්දැලයි එක්ක බණ්ඩා ඇතුළු තරුණ කැල ගියා කතරගම ට්රිප් එකක්.. ගියේ අර ලර්නස් වල පුරුදු කරන්න ගන්නේ Isuzu බස් එකක්, පිටිපස්සේ ඇංජිම තියෙන.. ආං ඕකක හත්තිලව්වේ..
ට්රිප් යන්න පුලුවං බස්ද කියාංකෝ.. 🤣🤣
බස් එක අපිට දීපු ආතල් වෙනම එකක ලියන්නං. දැනට අතරමැද සිද්ධියක් කියන්නං..🙂
මුල් දවසේ නැවතුනේ බෙල්ලන්විල විහාරයේ විශ්රාම ශාලාවක.. තවත් ගොඩක් අය හිටියා. වෙන වන්දනා නඩ..
ගෑණු උදවිය කෑම හදන අතරේ මාගේ මෑණියන් හට ලේලියක් සොයන අරමුණ පෙරදැරි කොටගෙන එළියේ ඇවිදින අතරේ නෙත ගැටුනා සෝක් කෙළි පොඩ්ඩක්..😋
බණ්ඩා ලයින් එක ගහං ඉන්න අතරේ
"අඩේ මල්ලි. යමංකෝ අන්න අර කුස්සියේ බල්බ් එකේ වයර් එකක් ගැලවිලාලු. ඒක හදන්න. මට තනියම උඩ නගින්න බෑ බං.." කියාගෙන.. උට උඩ නගින්න බෑ නෙවෙයි.. මාමාගේ වෙඩිම දවසේ වතුර මෝටරේ ප්ලග් එකෙන් එන එකයි මෝටරේ වයර් 2යි හතර ගැට ගහපං කිව්වාම වයර් හතර එකට ගැට ගහපු බුවානේ. තව ටිකෙන් වෙඩිමම අළු.🤣🤣
ඌ ඇවිල්ලා බූරුවෝ හතකගෙයි තව ටික⁣කගෙයි විතර වයස මගේ අතිජාත මිත්ර අයියන්ඩි.. හරියටම කිව්වොත් අපි දෙන්නා අමුඩෙයි පුපයි වගේ තමා. මරිසි වැඩක් කලොත් එකටමයි🙂
මමත් ඉතිං අර වැඩේ තියලා ගියා ඒක බලන්න.. වටේ ඇවිදලා ඉනි මඟකුත් හොයාගෙන, ටෙස්ටරේකුත් තිබ්බා වෙලාවට බස් එකේ. ඒවා ටිකත් අරං ගිහිං වැඩේ ඉවර කරලා ආපහු යනිං ගමන්
"මහත්තයා මහත්තයා.. ඔයාලා මෙකේ ඉලෙක්ට්රික් වැඩ කරන අයද."
මම- " ආ ඔව් අංකල් ඇයි"
අංකල්-"අනේ මහත්තයෝ. අපේ ශාලාවේ මැද බල්බ් එකේ එළිය මදි. අයි⁣නේ තියෙන එකයි ඒකයි මාරු කරගන්න ඕන."
මොනවා කරන්නද ඉතිං..දීපු ලණු අපිම ගිලින ගමන් ගියා ඉනිමඟත් උස්සන්..
දෙයියනේ.. දැකපු දෙයින් මට නිකං මල් වැස්සක් වහින පීලින් එකක් ආවා රත්තරනේ..🙂
නෑ මේක වෙන්න බෑ..අර කෙල්ල.. ඔව් එයා තමා.. අර මම පැණි හල හල හිටපු..😍
එයා මේ අංකල්ගේ නඩේ..
අපි දෙන්නාත් ඉතිං පැණි මුට්ටියට වැටුණු ඇඹලයෝ වගේ හයි ටෙන්ෂන් ලයින් එකක් හරි කටිං හපලා කඩන මානසිකත්වේ හිටියේ.. 🙊
ඩෙස්ක් එකක් තියලා ඒක උඩින් පුටුවක් තියලා මම ඉතිං වැඩ්ඩා වගේ බල්බ් එක ගලවනවා..
හෝල්ඩර් එකට එන වයර් එකක පලුද්දක් තිබිලා දෙයි හාන්දුරුවනේ... මමත් ඇල්ලුවා එතනින්ම.. ඇයි ඉතිං මොරාල් පිටනේ..🤣🤣

⁣මොරාල් තමා.. වැදිච්ච පාරට පුටුව පෙරලුනා. බ්රේකර් එකත් ඕෆ් උනා. මම වැටෙන්න යද්දි එල්ලුනා දණි පනි ගාලා බාල්කේ.. 🦇️
අනේ ඉතිං කවුරු හරි පිංවතෙක් පොන් එකේ ටෝච් එක ගහද්දි මම ඉන්නවා ටෙස්ටරෙත් කටේ ගහගෙන බාල්කේ එල්ලිලා. මුලු නඩේම කට ඇරං මගේ දිහා බලාගෙන.😣😣
සංග්රාමයක් කරලා බැහැලා ආයෙත් උඩට නැගලා බිම බලාගෙනම වැඩේ කරලා දීලා ගියා ගියාමයි පන්සලට යන්නවත් මමනං නෙවේ පහුවදා එළියට බැස්සේ..😒
"දුක් වෙන්න එපා අම්මේ. වෙන තැනකිං හොයාගමු"😭😭
අසා සිටි ඔබ සැමට ස්තූතියි.

No comments:

Post a Comment