Thursday, February 26, 2026

මුත්තාගේ උදැල්ල

 අපේ ගම ගැන උදාහරණ දෙන්නට වෙන ගමක් ගැන මා දන්නේ නැත. ඇයිද කිව්වොත් අපේ ගමේ සිටින්නේ සුපිරි පොරවල්ලාය. ඒ අතර ගොවියන් බාස් වරුන් දඩයම් කරුවන්ද වෙති.

ගොවියන් ගැන කී විට මට සිහියට නැගෙන්නේ අපගේ අත්තාය. ඔහු ලඟ අවුරුදු 2300ක් පමණ පැරණි උදැල්ලක් තිබ්බේය. මෙය ආරංචි වූ දිනමින පත්තරෙන් පැමින ගස් උඩ ගල් උඩ අත්තාගේ කරේ යන විවිධ ස්ථාන වල තබා පොටෝ ගත්තෝය. මාධ්ය තුමෙක් අත්තාගෙන් මෙය ඔබ අතට පත් උනේ කෙසේද යන්න ප්රශ්න කරන විට අත්තා කීවේ
"මහත්තයෝ මේක මට ලැබුනේ මගේ අප්පච්චිගෙනි. ඔහුටද මෙයාකාරවට පරම්පරාවෙන් ලැබුන දෙයක්"
පසුව ඇසුවේ මෙපමන කල් තබා ගත්තේ කෙසේද ඇසූ විට " මහත්තයෝ, මේක එවුන්දලෑ කාලේ ඉඳන් අපි වැඩ කරන උදැල්ල. මෙච්චරකල් තියාගන්න වැඩි දෙයක් කලේ නෑ. මිට කැඩෙනකොට මිටක් ගැහුවා, උදැල්ල ගෙවෙනකොට තලයක් ගැහුවා" කියා උත්තර දුන්නේය.
මාධ්ය සර් එදා ඒ කියපු කුණුහරප අද වනතුරුත් මා අසා නැත..
බාස්ලා කිව්වාම මට මතක් වෙන අත්තාද එවැනි සුපිරි පොරකි.
ගමේ ගෙදරක කක්කුස්සියක් බැඳීමට ඒ අත්තාට බාර දෙනු ලැබීය. කක්කුස්සියක් බැඳීමට පලමු දින බවුන්ඩේසම දමන ලද්දේද ඒ අත්තා විසිනි. එය බවුන්ඩේසම නෙවේ ෆවුන්ඩේශන් කියන්න ගොස් "අම්මගේ රෙද්ද" යනුවෙන් අසාගත් පසු නැවත මා ඒ ගැන කියන්න නොගියෙමි.
බවුන්ඩේසම උඩ කක්කුස්සිය බැඳගෙන බැඳගෙන ගිය අත්තාට දහවල් තේ බීමට ගෙදර උන් කතා කර ඇත. කතා කලාට අත්තාට එලියට යා නොහැකි වී තිබිනි. මන්ද ඔහුට දොරට ඉඩ තැබීමට අමතක වී ඇත. තේ බොන්න අත්තා එලියට ආවේ එතන වූ ගසකට ලනුවක් දමා එහි එල්ලිලා බව ඇසින් දුටුවෝ කියති.
දඩයං මාමා කියා පොරක්ද සිටින අතර ඔහුගේ වැඩේ දඩයම් කිරීමය. ඔහු සතුන් මරන්නේ විශේෂ ක්රමයකටය. විශේෂයෙන් හාවුන්ය. හාවේක් මැරීමට ඔහුට අවශ්ය උඳුපියලිය ටිකක් කැරට් අලයක් සහ දැලිපිහියක්ය..
දෙබොක්කාවක දැලි පිහිය තලේ උඩට වෙන්නට තබා ඉදිරිපසින් එක පැත්තක උඳුපියලිය සහ අනෙක් පැත්තේ කැරටි තබන මාමා ගෙදර එන්නේ පහුවදාට කාගෙන් හෝ හා මස් ඕඩරයක්ද රැගෙනය..
දෙබොක්කාව ඔස්සේ එන හාවාදැලි පිහියට උඩින් ඔලුව දමා
"කැරට් කනවද උඳුපියලිය කනවද කැරට් කනවද උඳුපියලිය කනවද"
කියා දෙපැත්ත බලන අතර එතනම මැරී වැටෙන්නේ ඔහුගේම බෙල්ල කපා ගනිමිනි. දඩයම් කියන්නේ ඒවාය.
තවද කලෙකට හබරණ පැත්තේ රැකියාවට යන්නේ ඔහුට ලැබෙන ඕඩර් ලෑස්ති කිරීමටය. ඒ සතුන් මැරීමට නොවේ. අල්ලා ගැනීමටය. අල්ලන්නේද එසේ මෙසේ උන් නොවේය. අලි ඇත්තුය.
ඔහු මදු ගසා අලි ඇත්තු අල්ලන රහස කාටවත් නොකියන අතර අල්ලන්න යන්නේද තනියමය. හැබැයි රහස දැන ගැනීමට මට වියදම් වූයේ ඒ කාලයේ හැටියට රුපියල් 1000කි. ගල් බාගේ හත්සිය පනහයි බියර් ටින් එකට දෙසිය පනහයි.
අල්ලන්නේ මෙසේය. අලි ඇල්ලීමට කලමනා ලෙස තඩි දම්වැලක්, තඩි කඹයක් සහ කොහොඹ තෙල් බාගයක් ඔහු රැගෙන යයි. අලියෙක් ඇල්ලීමට එය ප්රමාණවත්ය. දම්වැලේ එක් කෙලවරක් විශාල ගහක බඳින්නේය. අනෙක් කෙලවරේ කඹය ගැට ගසා එය කොහොඹ තෙල් වලින් හොඳට පොඟවන්නේය. එච්චරය.
කොහොඹ තෙල් වලට අලියා පට්ට කැමතිය. කොහොඹ තෙල් වල පෙඟවූ කඹය පෙරේත ලෙස අලියා ගිල දමයි. කොහොඹ තෙල් වලට බඩ යනවාය. ක්ෂනිකව අලියාගේ බඩ බුරුල් වෙයි. අලියාට බඩ යන විට කඹය පිටුපසින් එලියට පැමිනෙයි. වහා ක්රියාත්මක වෙන මාමා කඹයේ ගැටගසා ඇති දම්වැල වෙනත් ගසක ගැට ගසයි. අලියා මද්දට හිරවී ඇත. ඔහුට හැක්කේ ඉදිරිපසට සහ පසු පසට යාමට පමණි. මදු ගසා අලි අල්ලන්නේ එසේය.
කොහේදෝ ගමක කැත්තක් මැද සිටුවා තනි උණ්ඩෙන් ඌරන් දෙදෙනෙක් මැරූ කතාව මාමාට කියූ පසු ඔහු කියූවේ
"ඕවා අමූලික බොරුය. කැත්තට වෙඩි තබා එසේ ඌරන් මරන්ට බැරිය"
කියාය. ඇත්තය. එය විය හැකි දෙයක් නොවේ. පට්ටපල් බොරුය.
එඤ්ඤං😌
#බණ්ඩා

Monday, November 4, 2019

හපයි හා වාජීකරණේ

සෙවනගල වාජීකරණ අවුසදේ අපේ ගම් පලාත් වල ඉස්සර ‌ගොඩක් ප්රසිද්ධයි. දැන්නම් ‌හොයාගන්නම නැති තරම්නේ.. මට මතකයි අපේ අම්මගේ මහ ‌ගෙදර ගියාම එහා පැත්තේ කඩේක ‌ලොකු වීදුරු ‌බෝතලේක දාලා තමා විකුණන්නේ.. ගමේ ‌කොල්ලෝ කුරුට්ට‌ෝ හැම එකෙකුටම ඉල්ලුවොත් ‌දෙනවා.. ඒ මං තුමා ‌පොඩි කාලේ
මේ ලගදි(පියාඹන්න කලින්) දවසක මට එකක් හම්බුනා..‌ගෙදර අරං ඇවිත් පස් මහ බැලුම් බලලා කන්න හදනකොටම ‌අපේ හපයි, හපයි කිව්වේ බලු තඩියාගේ නම. උට ඒ නම දාන්න ‌හේතුව ‌ගෙදරට එන උන් බය කරන්න නැතුව මස් කට්ටක්වත් හපන එකෙක් ‌‌‌‌නෙවේ .🐶🐕‍🦺
ඌ ඇවිත් පස්ස ගැලවෙන්න තරං වණනවා මම අරක දිගාරිනවා දැකලා.. අනේ ඉතිං අසරණයනේ කියලා කෑල්ලක් දුන්නා.. මූත් බස බස ගාලා කාලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මටත් බුරනවා. උගේ නගුට හපාගෙන දඩුමොණරේ වගේ මිදුල මැද කැරනෙකවා.. ඔහොම නට නට ඉදලා එලියේ එල්ලලා තියෙන කහ පාට බල්බ් එක දිහා බලාගෙන ඉන්නවා.. ඉන්න ගමන්ම ඇස් ‌දෙක හීනි ‌වෙලා දඩස් ගාලා ඇදගෙන වැටෙනවා.. ආයෙත් එක පාරටම බුරාගෙන නැගිටිනවා.. එකම විකාරයයි.. අම්මා ඇවිත් බලාගෙන ඉදලා අර අහිංසකයාට බනිනවා.. "මූ ‌කොහෙන් හරි ජරාවක් කාලා" කියලා.. මට කිව්වද දන්නෙත් නෑ..😂
සත්ව සංවිධාන වලින් මට නඩු දායිද දන්නෑ.. අනේ ඌ චිරාත් කාලක් ‌යෙහෙන් වැජබුනා අපිට ආතල් දිදීම..😶

පරම්පරාවේ රෙදි ගැලවීම. පාර්ට් 2


අද කථා නායකයා මගේම පවුලේ ලොකු අයියෙක්..🙂
මොකක්ද... ආ ඔව් ඔව් දැලි ගාන්න තමා යන්නේ.😋
අපි එයාට කියමු පියල් කියලා..
වෘත්තියෙන් ගුරුව⁣රයෙක් වෙච්ච පියල් අයියා කියන්නේ බෝතලේ ජීවන සහකරුවා කරගත්ත අපබ්රංශ ඩයල් එකක්. ⁣මළ⁣ ගෙයට මඟුලට දානෙට බණට ඕන මල හත්තිලව්වක⁣ට අපේ ජොකාට ඉලාස්ටික් එක වගේ පියල් අයියාට නැතුවම බැරි දේ තමා බෝතලේ.. ඉංගිරීසි ගුරුවරයෙක් විදියට රැකියාව කරන ඔහු බීලාවැඩි වුන දවසට බල්ලාට පවා කථා කරන්නේ කඩ්ඩෙං තමා.. අපිටත් වෙලාවකට කඩු පාරවල් එල්ලවන අවස්ථාද එමටයි.. ඒ වෙලාවටනං ඉතිං දන්න සිල්ප ඔක්කොම දාලා එතනින් යන්නේ ඊළඟට වෙන්නේ බැනුම් අහගන්න වෙන නිසා... අවුරුදු 40ටත් එහා වයසක ඉන්න පොර කසාදයක් ගැන කථා කරපු ගමන් ලිස්සන්නේ ආඳෙක් වගේ.. එක අතකින් ඇත්ත.. බැන්දොත් බොන්න වෙන්නෑනේ..🙂
හරි දැං පඳුර තැලුවා ඇති.. හාවා හොයමුකෝ..
අපේ අම්මා මුලසුන අරං පියල් අයියාගේ වයසට හරියන අක්කා බබෙක් හොයාගෙන තිබුනා කොහෙන්දෝ දිහාවකින්.. අම්මා ඒ අය එක්ක කථා කරලා දිනේකුත් දාගෙන එහේ යන්න.. අයියා කාරයාටත් මාමණ්ඩිගේ නම්බරේ දීලා කථා කරලා බලන්න කියලා.. මේ යකා බීලා ඉන්න වෙලාවක අරන් තියෙනවා මාමන්ඩියාට..
අයියා- ආ අප්පච්චි.. මම පියල්.. බ්ලා බ්ලා බ්ලා.
මාමණ්ඩි- ආ පුතා. මට ජයන්ති නංගි කිව්වා විස්තරේ බ්ලා බ්ලා බ්ලා...
.
.
.
.
අ- අප්පච්චි. එහෙනං මං තියන්නං. දිනේ හරිනේ. අපි එනවා එහෙනම්.. ආහ් අප්පච්චි.. මේහ්.. නංගි ලස්සනයිද..🤔
මා- ඔව් පුතේ. ඇහැට කනට පේන්න ඉන්නවා.. ඇවිත්ම බලන්නකෝ..
අ- ආ ලස්සනයිනං අද රෑම උස්සනවා.
ටකස්... බීප් බීප් බීප්.☎️
🤣
එදායින් පසුව මාමණ්ඩියා අපිට කතා කලෙත් නෑ.. අපේ අම්මා ඇඟේ වැදිලා ගියත් පියල් අයියාට ගෑණු හොයන්න මහන්සි උනෙත් නෑ..🤣🤣
අයේ පොරගේ හෙන ෆිට් එකක් තමා ලඟ පාත තියෙන ජලාශයක පවර් හවුස් එකේ චීෆ් ඉන්ජා..
දවසක් පොරට කතා කරලා පවර් හවුස් එක බලන්න. චුට්ටක් විතර අනුමත වෙලා ඉඳලා තියෙන්නෙත්.. ෆීල්ඩ් විසිට් එකක් වගේ එක්කන් ගිහින් වටේම..
අන්තිමට ඇවිත් තියෙන්නේ ජලාශේ පවර් හවුස් එක පැත්තකින යන පොඩි ඇළක් ලඟට.. ඒ දුමක් දාන්න.. පොඩි කිව්වට ඇළ පොඩිම නෑ..
අයියා- මචං උඹට පීනන්න පුලුවන්ද..🤔
ඉංජා- ලාවට පුලුවන් බං..ඇයි ඇහුවේ..
අයියා- එහෙනං නාමු..
🤣🤣
තල්ලු කරලාද. නෑ... ඉංජාවත් බදාගෙන අපේ එකා ඇළට පැනලා.. වෙලාවට ඇළ ගැඹුරු නෑ.. පපුව ලඟට වගේ වතුර තියෙන්නේ..
අම්මා අප්පා සිහි කරන ගමන් ඉංජා ගොඩට ඇවිත්.. ඒ දීගෙත් එතනින් ඉවරයිලු..
🙂

Friday, October 25, 2019

ලඝු පොත


මේකනං බණ්ඩා කරපු අලුකුත්තේරු වැඩක් ගැන.. බණ්ඩා ඉන්නේ ඉතිං මාතලේනේ.. එහේ තාමත් ඉන්නවා ඔය ඉගෙනගන්න උවමනාවක් නැති පොල් ගහක බඩගාලා හරි කීයක් හෝ හොයාගැනීම කියන පරම පිවිතුරු ⁣ඡේතනාවෙන් ඉන්න බුවාලා.. බුවීලාත් නැත්තේ නෑ..😣
අන්න එහෙම ගෝතයෙක් හිටියා බණ්ඩාගේ එහෙමත් නැත්තං මං තුමාගේ පන්තියේ. ඒකාට කිව්වේ ඩොංකි.. ඒ නමේ කතෲ අයිතියත් මටම තමා..😋😋
ඒ වෙද්දි අපි 11 වසරේ.. සාපේට සූදානං වෙනවා.. ඔන්න ඉතිං අපිට එපාම කරපු සබ්ජෙක්ට් එක ඉගැන්නුවේ ( ගණිතයද මතක් උනේ.. ආය් දෙකක් නෑ එහෙනං අපි දෙන්නම එකම බෝට්ටුවෙ🤣🤣) අාමි එකෙන් අනුයුක්ත කරපු මේජර් කෙනෙක්.😒😒
එනු යනු කරනු තමුන් වගේ ඒවාගෙන් තමා කතාව..
අපේ ඉස්කෝලේ ගැන පොටෝ ටිකක් ගූගල් දෙයියගෙන් ඉල්ලපුවාම දෙන්නෙත් ඒ සර්ගේ හපන්කම් වගයක්.. අයේ ඉතිං රජ ගුටි තමා හම්බෙන්නේ..
අපේම පන්තියේ එකෙකුට ගහලා ඒකගේ පිටේ පොටෝ එකක් තියෙනවා දෙයියා ගාව.. තාම නඩුව යනවා මයේ හිතේ..🤔
කතාවෙන් පිට පනිද්දි පොඩ්ඩක් මතක් කරහල්ලකෝ හත්තලාමේ..😒😒
ඔන්න ඉතිං ⁣අර කියපු ඩොංකියා කාලෙකට ඉස්කෝලේ එන්නෑ.. ටීචර් අම්මට කිව්වම අම්මා කනෙං ඇදං ගෙනත් දාලා යනවා.. ඔහොම මාසයක් විතර ඇවිත් අයෙත් බුවා නෑ.. ඔහොම දවසක් ඉතිං මූ අවේ නෑ ඉස්කෝලේ.. පහුවදා ඇවිත් මගෙං ඇහුවා ගනං සර් වැඩ දුන්නද බං කියලා.. මංකිව්ව ලඝු පොත පාඩම් කරන් එන්න කියලා.. එදා වෙලාවට සර් ආවේ නෑ.. පහුවදා ඉඳලා මූ ඉස්කෝලේ ආවෙත් නෑ.. එදායින් පස්සේ තාම දැක්කේ නෑ .😒😒
මට තාම ෂුවර් නැත්තේ මම නිසා ඌ නැවැත්තුවාද නැත්තං උෟ සුපුරුදු විදියටම කැලේ පැන්නද කියලා..🤔
මොනවා උනත් මතක් වෙද්දි ලොකු වරදකාරී හැඟීමක් එනවා..
මං නිසානං එහෙම උනේ සමා වෙයං ඩොංකියෝ..
ඔයාලත් මට බනින්න එපා ඕං..😒
මොනවා උනත් උටත් තේරුං ගන්න පුලුවන් වෙන්න ඕනි ලඝු පොත කියන්නේ මොකෙකුටවත් ලේසියෙන් පාඩං කරන්න පුලුවන් එකක් නෙවේ කියලා..
ස්තූතියි.


දැලි ගෑම

මතකයිද අර මම කලින් ඒකක කිව්වා මගේ අතිජාත අයියා ගැන. අර ලයිට් හදපු ඒකා තමා. උට දැනට නම දාමු "‌කොච්චියා" කියලා..(ඒ්වානං අහන්න ඒපා.. කන ලග සහරා ප්ලෑස් නන්ස්ටොප් දාලා තරජනය කලත් කියන්නේනම් නෑ.. ‌මොකද ඒ්වා පරම්පරාවෙන් ආව නම්)

 බුවාගේ ඒක්කුස උපන් මාමාගේ ‌වෙඩිම තිබුනා පට්ට කාලෙකට කලින්..  ආ ඒ් මාමා තමා අර ලැට්..🙊 නෑ නෑ ‌වොෂ් රූම් ඒක හදන්න අත් උදව් දුන්නේ.. 😈


නෑ නෑ මාමා ‌නෙවේ අද කථාවේ කථා නායකයා... ඒකෙක් මගේ අතිජාත අපාය සහයක ‌කොච්චියා.. අනිත්  ‌‌‌කෙනා මගේ ‌ලොකුඅප්පච්චි.. බනින්නනම් ඒපා පවුල‌ේ උන්ගේ ‌‌රෙදි ගලවනවා කියලා.. බණ්ඩා ඉතිං අහිංසකයි රටක් වටීනේ ආදරේටනේ.😋
අනේ ඉතිං ඒ් ‌ලොකු අප්පච්චි ගැන කියනවනං මලගෙදරක පුල් නයිට් 3 හමාරක්ම ඒකදිගට කියන්න තරං කතා තියෙනවා.. ඒ තරම් රටට නැතත් අපිට වැඩදායි පුද්ගලයෙක්. හාවා ගැන කියාගෙන ගිහින් පදුර ගැන කිව්වද මන්ද.. හාවා ‌හොයමුකෝ දැං..

වෙඩිම දවසේ ‌ගෙදරට වතුර ගන්න ඒක තමා ‌ලොකුම අවුල තිබුනේ... ‌ප්ලෑන වුනේ ලග තිබුන ලිදකින් ‌ගෙදර තිබුන  ඇස්ලෝන් ටැංකියට වතුර ගන්න ඒක.. බට ටික එලලා ‌මෝටරෙත් බටේට ගහලා ‌‌‌කොච්චියාගේ ‌ලොකු මාමා කිව්වා වයර් ඒක දීලා, ‌මේ වයර් ‌දෙකයි ‌මෝටරේ වයර් ‌දෙකයි හතර ගැට ගහපං කියලා.. කාටද කිව්වේ.. ‌කොච්චියාටම තමා.. ගැට ගහලා හූවක් කියපං කිව්වා..😜

මම ‌‌ප‌ොඩි ඒකානේ ඒ් කාලේ.. ගඩොලක් උඩට ‌වෙලා බලන් හිටියා.. ‌ලොකු මාමා ගිහිං ස්විච් එක දැම්මා විතරයි ‌මෙන්න ‌කොච්චියා ‌බෙරිහං ‌දෙනවා ගිනි ගන්නවෝ කියලා..💥 ‌ඒහෙමම මම හිතන්නේ ‌ගෙදර ෆියුස් ඒකත් ගියාද ‌කොහෙද.. දුවං දුවං ගිහිං බලද්දි ‌මොනවද ‌මේ යකා කරලා තියෙන්නේ.. වයර් හතරම ඒකට ගැට ගහලා උඩිං ‌ෂොපින් ඒකකුත් බැදලා.. ‌ෂෝට් ‌වෙනවට ‌වෙන්ටෑ😹😹

ඊලග කතාවනං අනේ මන්දා කියලත් බෑ ‌නොකියත් බෑ.. අනේ වැදලා ඉල්ලන්නං ‌මේක ‌ෂෙයා කරනවා එහෙම ‌නෙවේ ඔන්න.. කාලෙකින් ‌ගෙදර යන්න ඉන්නේ.. ඒ අවස්ථාව නැති කරන්නනම් එපා ‌දෙයියෝ🙏

අපේ ‌‌ලොකු අප්පච්චීයි ‌ලොකු අම්මායි ගිහින් තියෙනවා පිච්ච මල් පූජාවට.. මුලින්ම කියන්න‌ෝන ‌ලොකු අම්මා අදට මාස 3කට කලින් අපි අතරින් සමු ගත්තා.. නිවන් සුව ලැබේවා ‌‌ලොකු අම්මේ..🙏

කතාවට යමුකෝ.. ‌දෙන්නා පිච්ච මල් පූජාවට ‌මේ ගිහින් තියෙන්නේ ‌දෙවෙනි වතාවට..  ‌මෙයාලා කලින් සැරේ නැවතිලා තියෙන්නේ විශ්‍රාම ශාලාවක.. ‌මේ පාරක් ‌දෙන්නා ගිහින් තියෙනවා විශ්‍රාම ශාලාව ‌හොයාගෙන.. ‌කොහොම හරි රෑ 1 විතර ‌වෙනතල් ‌හොයාගන්න බැරි ‌වෙලා.. පහුවදා ‌ගෙදර ආවාම අපි ඇහුවා විස්තරේ.. අපේ ‌‌‌ලොකු අප්පච්චිගෙන් වැඩිපුරම ආතල් ගත්තේ ඔය ‌කොච්චියයි මමයි තමා.. 😝

මෙහෙමයි කතාව..

ලො.අ- "අනේ මන්දා පුතා ඇවිද්දා ඇවිද්දා මිනිසුන්ගෙන් ඇහුවා එකෙක්වත් දන්නෑනේ.."

කොච්චියා-" ඉතිං ‌ලොකුඅප්පච්චිලාට මතක නැද්ද විශ්‍රාම ශාලාවට හැරෙන තැනකවත් සලකුණක්වත්"

ලො.අ- " සළකුණක් බලාගෙන තමා ගියේ පුතා"

කොච්චියා- " පාර හැදුවනේ.. අයින් කරන්න ඇති"

ලො.අ- " ‌වෙන්න ඇති පුතා..කැඩිච්ච ‌ලොකු ‌ලොරියක් නවත්තලා තිබුනේ කලින් සැරේ යද්දි.. ඒක ‌හෙව්වා ‌හෙව්වා.. ම්හු.. තිබ්බේ නෑන‌ේ"

මට පුහ් ගාලා සද්දෙකුත් ආවා ‌කොච්චියාගේ සරම පැත්තෙනුත්.. සමහර විට හිනාව උඩින් හිර කරපු නිසා යටින් යන්න ඇති..  😆

Wednesday, October 23, 2019

බාවා පාර්ට් ටූ

හොඃ හෝ යාලුවනේ.. 😋
බාවා පාර්ට් ටූ එකත් ලියන්දෝ නොලියම්දෝ කියලා කල්පනා කර කර ඉද්දි මතක් උනේ අහල පහල එකෙක්වත් දැකලා මේ පෝස්ට් එක උට පෙන්නුවොත් එහෙම මාව එල්ලන් යනවා උගේ බස් එකේ ඉස්සරහා..😣😣
ඕං ඉතිං කට කහනවානේ.. එකම එකක් කියන්නං.. බස් එක මතක් උන නිසා..🚌
පොර වැඩ කලේ සීට් 64 ලේලන්ඩ් වයිකින් එකක්.. ගලේවෙල මාතලේ පාරේ තිබුන දිගම බස් එක වගේම දිගම මෙව්වා එකත් ඌ සතුයි(බස් එක වෙන එකෙක්ගේ)..🙂
කොල්ලො කුරුට්ටෝ ටික හවසට හවසට පාර අයිනේ බංකුවක් තියෙනවා ඕකට සෙට් වෙන්නේ ඉතිං මාතලේ ටවුමෙං මේසේ උඩ තියලා විකුණන, කකා ඉද්දි අහු උනොත් 25000ක් දඩ ගහන, ඔය කවුරු හරි එකෙක් ජොකා අස්සේ ගහං ගෙනාපු අපූරු මාවා ටිකක් හපන ගමං කයියක් ගහන්න..
ඔහොම ඉන්න අතරේ බාවා තුමා ආවා ආඟිරි ගාගෙන හෝන් එක උඩ නැගගෙන.. තඩි බ්රේක් පාරක් ගහලා අපි ඉන්න තැන නවත්තලා කිව්වා අඩේ එකෙක් මේං මේ වයිපර් එක පොඩ්ඩක් ඇදලා අතෑරපංකෝ.. අව්වට උණු වෙලා වින්ඩ්ස්ක්රීන් එකට අැලිලා බං කියලා. මංනං දන්නෑ ඒවා ⁣එහෙම උණු වෙනවද කියලා. දැකලානං නෑ.. 🤣🤣
හැම තැනම ඉන්නවනේ එකෙක් පොර වෙන්න දඟලන. ඇයි ඉතිං බස් එකේ ලමිස්සියෝ එහෙමත් ඇතිනේ. අනේ ඉතිං උන්දැ නැග්ගා අර ඉස්සරහා තියෙන අණ්ඩෙනුත් අල්ලගෙන බෆර් එක උඩට.. නැග්ගා විතරයි මෙන්න මේ @$රි බාවා ෆස්ට් එකට දාලා ඇද්දුවා.. 🤣🤣
දැං අරූ එල්ලිලා වින්ඩ්ස්ක්රීන් එකට ගගහා කෑගහනවා.. බස් එකේ මිනිස්සුත් කෑගහනවා ඇහුනා.. බස් එක විදලා ගියා.. මෙන්න ටිකකිං අරූ පයින් එනවා දිවත් බල්ලා වගේ දාගෙන.. මීටර් 500 ක් විතර එහායින් නවත්තලා බායි කියලා ගිහිල්ලා.🤣🤣

ඌ ගැන කියන්නෑ කියලා ඇවිත් ඌ ගැනම කියන්න උනානේ..
අන්තිම එක මේ අයේ බෑ
මේ අවුරුද්දේ අවුරුදු උත්සවේට මුට විකට ඇඳුම් තරඟෙට අදින්න ඕනි කිව්වා.. හත්වලාමේ මේ හතලිහක විතර හම්පඩ දිගංචියෙක් මොකාට අන්දන්නද.. යරෙව්කෝ යන්න කියලා බයිකුයි ත්රීවිලුයි පෝලිමක් ගියා උගේ ගෙදර..
ගෑණිගේ ගවුමකුයි තව මොනාද මන්දා පොල්කටු දෙකක් වගේ පන්ච් කෑලි දෙකකුයි අරං ආවා අන්දපං කියලා.. අපිත් ඉතිං ගානට කෑලි ටික ඇසෙම්බල් කරලා පව්ඩර් තට්ටුවකුත් උලලා ගත්තා බාවා නිකං කිරි කෑල්ල වගේ.. ලිප්ස්ටික් පාරකුත් ගෑවා කලු පාටිං.. දැංනං මූ කොටුවේ බෝගහ යට තිබ්බනං ලොකු ගානකට බඩු සුවර්..🤣
එහෙම්ම කාලක් ඇදලා අරං ඒකත් අමුවෙන්ම හලාගෙන, ගියා නම දෙන්න තරඟෙට.. සංවිධායක මණ්ඩලේ හිටිය අක්කෙක් ඇහුවා නමයි චරිතෙයි. නම කියලා චරිතේ කිව්වා ගණිකාවක් කියලා.. අනේ අර අක්කාගේ මූණු ඩිංග ⁣ටොන් 40 ගල් රෝලෙට අහු උන කජු ලෙල්ල වගේ ඔහෙක් වෙලා ගියා..
දැං රවුමට යනවා නට නට.. අර පොඩි උං තලේ මූත් නට නට යන ගමන් කොල්ලොන්ට කිස් දෙනවා, කෙල්ලන්ට රවනවා. යකෝ මුගේ කෝළං..😋
නම කියලා රෑ මනාළියක් කියලා තමා චරිතේ කිව්වේ.. පොඩි උං අම්මලාට ඇනලා අහනවා "අම්මේ රෑ මනාළි කිව්වේ කාටද" අම්මලාගේ මූණුත් ඒ වෙලාවට අර කජු ලෙලි වගේ ඔහෙක් වෙනවා..
ප්ලේස් එකක්නං ගන්න තිබ්බා ඉතිං.. අන්තිමේටම මූ ගිහිං විනිස්චයට හිටපු ප්රාදේශිය ලේඛම්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන උගේ රැවුලෙන් ඇද්දේ නැත්තං..😒😒
මේ ඇති.. හොඳටෝම ඇති.. තවත් මතක් වෙනවා.. ඒවා ලියන්න බෑ. කොටු කොටු දාලා ලියන්න වෙන්නේ..
එහෙනං.. ගිහිං එඥ්ඥං..✌️

෴ලයිට් බාස්.෴


ගමේම උන්දැලායි පිට ගං වල උන්දැලයි එක්ක බණ්ඩා ඇතුළු තරුණ කැල ගියා කතරගම ට්රිප් එකක්.. ගියේ අර ලර්නස් වල පුරුදු කරන්න ගන්නේ Isuzu බස් එකක්, පිටිපස්සේ ඇංජිම තියෙන.. ආං ඕකක හත්තිලව්වේ..
ට්රිප් යන්න පුලුවං බස්ද කියාංකෝ.. 🤣🤣
බස් එක අපිට දීපු ආතල් වෙනම එකක ලියන්නං. දැනට අතරමැද සිද්ධියක් කියන්නං..🙂
මුල් දවසේ නැවතුනේ බෙල්ලන්විල විහාරයේ විශ්රාම ශාලාවක.. තවත් ගොඩක් අය හිටියා. වෙන වන්දනා නඩ..
ගෑණු උදවිය කෑම හදන අතරේ මාගේ මෑණියන් හට ලේලියක් සොයන අරමුණ පෙරදැරි කොටගෙන එළියේ ඇවිදින අතරේ නෙත ගැටුනා සෝක් කෙළි පොඩ්ඩක්..😋
බණ්ඩා ලයින් එක ගහං ඉන්න අතරේ
"අඩේ මල්ලි. යමංකෝ අන්න අර කුස්සියේ බල්බ් එකේ වයර් එකක් ගැලවිලාලු. ඒක හදන්න. මට තනියම උඩ නගින්න බෑ බං.." කියාගෙන.. උට උඩ නගින්න බෑ නෙවෙයි.. මාමාගේ වෙඩිම දවසේ වතුර මෝටරේ ප්ලග් එකෙන් එන එකයි මෝටරේ වයර් 2යි හතර ගැට ගහපං කිව්වාම වයර් හතර එකට ගැට ගහපු බුවානේ. තව ටිකෙන් වෙඩිමම අළු.🤣🤣
ඌ ඇවිල්ලා බූරුවෝ හතකගෙයි තව ටික⁣කගෙයි විතර වයස මගේ අතිජාත මිත්ර අයියන්ඩි.. හරියටම කිව්වොත් අපි දෙන්නා අමුඩෙයි පුපයි වගේ තමා. මරිසි වැඩක් කලොත් එකටමයි🙂
මමත් ඉතිං අර වැඩේ තියලා ගියා ඒක බලන්න.. වටේ ඇවිදලා ඉනි මඟකුත් හොයාගෙන, ටෙස්ටරේකුත් තිබ්බා වෙලාවට බස් එකේ. ඒවා ටිකත් අරං ගිහිං වැඩේ ඉවර කරලා ආපහු යනිං ගමන්
"මහත්තයා මහත්තයා.. ඔයාලා මෙකේ ඉලෙක්ට්රික් වැඩ කරන අයද."
මම- " ආ ඔව් අංකල් ඇයි"
අංකල්-"අනේ මහත්තයෝ. අපේ ශාලාවේ මැද බල්බ් එකේ එළිය මදි. අයි⁣නේ තියෙන එකයි ඒකයි මාරු කරගන්න ඕන."
මොනවා කරන්නද ඉතිං..දීපු ලණු අපිම ගිලින ගමන් ගියා ඉනිමඟත් උස්සන්..
දෙයියනේ.. දැකපු දෙයින් මට නිකං මල් වැස්සක් වහින පීලින් එකක් ආවා රත්තරනේ..🙂
නෑ මේක වෙන්න බෑ..අර කෙල්ල.. ඔව් එයා තමා.. අර මම පැණි හල හල හිටපු..😍
එයා මේ අංකල්ගේ නඩේ..
අපි දෙන්නාත් ඉතිං පැණි මුට්ටියට වැටුණු ඇඹලයෝ වගේ හයි ටෙන්ෂන් ලයින් එකක් හරි කටිං හපලා කඩන මානසිකත්වේ හිටියේ.. 🙊
ඩෙස්ක් එකක් තියලා ඒක උඩින් පුටුවක් තියලා මම ඉතිං වැඩ්ඩා වගේ බල්බ් එක ගලවනවා..
හෝල්ඩර් එකට එන වයර් එකක පලුද්දක් තිබිලා දෙයි හාන්දුරුවනේ... මමත් ඇල්ලුවා එතනින්ම.. ඇයි ඉතිං මොරාල් පිටනේ..🤣🤣

⁣මොරාල් තමා.. වැදිච්ච පාරට පුටුව පෙරලුනා. බ්රේකර් එකත් ඕෆ් උනා. මම වැටෙන්න යද්දි එල්ලුනා දණි පනි ගාලා බාල්කේ.. 🦇️
අනේ ඉතිං කවුරු හරි පිංවතෙක් පොන් එකේ ටෝච් එක ගහද්දි මම ඉන්නවා ටෙස්ටරෙත් කටේ ගහගෙන බාල්කේ එල්ලිලා. මුලු නඩේම කට ඇරං මගේ දිහා බලාගෙන.😣😣
සංග්රාමයක් කරලා බැහැලා ආයෙත් උඩට නැගලා බිම බලාගෙනම වැඩේ කරලා දීලා ගියා ගියාමයි පන්සලට යන්නවත් මමනං නෙවේ පහුවදා එළියට බැස්සේ..😒
"දුක් වෙන්න එපා අම්මේ. වෙන තැනකිං හොයාගමු"😭😭
අසා සිටි ඔබ සැමට ස්තූතියි.

ගමක් ගැන යමක්


බණ්ඩා අද කියන්ට තනන්නේ ගමක් ගැන. අහලත් ඇති. හද්ද ගොං වැඩ වලට පරසිද්ද ගම්මානයක් තියෙනවා දඹුල්ල කිට්ටුව. මම නම කියන්නෑ. ඒ ගම් වල උදවිය මේකේ හිටියොත් මට දෙස් තියයි. ⁣අපේ ගෙවල් ලඟ අයියා කෙනෙක් ඉන්නවා පොරත් ඔය ගමේ.. එයාලාව පොඩ්ඩක් බයිට් කරන්න තමා මේ කථා ඇදලා ගන්නේ🙂

දවසක් ⁣ගමේ මිනිස්සු නඩයක් ගිහින් කෝනේස්වරම් වඳින්න.. තිරිකුණාමලේ තියෙන්නේ. දන්නවනේ ඉතිං.. එ් එන ගමන් මාකට් එක පැත්තට ගිහින් කකූළුවෝ ටිකක් අරන් ඇවිත්. උන් ඉතිං පණ පිටින්නේ විකුණන්නේ.. මරලා ගොඩක් වෙලා තියන්න බෑනේ. මස් දියවෙනවලු. ගෙවල් වලට ඇවිත් මුංගේ බැමි ලිහලා බකට් එකකට දාලා තියලා...

උදේ බලද්දි එක කකුළුවෙක්වත් නෑලු.. ඔක්කොම පැනලා එලියට. කල්පනා කරලා කරලා ගෙදර සෙට් එක ගියාලු දඹුල්ලේ ඔරලෝසු කණුව ලඟට.. ඉන්නවලු ඉඳගෙන පාර දිහා බලාගෙන..
ඔතනින් ගිය පොලිස් කාරයෙක් අහලා මොකද කරන්නේ කියලා..
" කොහෙන් ගියත් තිරිකුණාමලේ යන්න මෙතනින් යන්න එපැයි. අද දෙන්නං" කිව්වලු.
😋
තව දවසක් රෑ කමතේ කොළ පාගනවලු.. ලන්තෑරුමෙන් තමා එළිය අරන් තියෙන්නේ.. මුලු කමතටම එළිය ගන්නත් එපැයි. ඔතන හිටිය පඬියෙක් කිව්වලු අපි උණ ගහේ එල්ලමු කියලා.. කට්ටියම අදහසට එකඟ වෙලා. කේකකුත් හොයාගෙන උණ ගහක් පාත් කරලා ලන්තෑරුම ඔකේ එල්ලලා අතෑරලා.. ආයේ කියන්න ඕන නෑනේ. කැටපොලෙන් තිබ්බා වගේ ලන්තෑරුම උඩින් පියෑඹුවාලු.. වැටුන තැනක් හොයාගන්නත් බෑ.. පැය දෙක තුනක්ම හොයලා හොයලා බැරිම තැන වැඩේ අතෑරලා..
ටිකකින් ආයෙත් අර පඬියට ඇවිත් අදහසක්..අපි අයෙත් උණ ගහේ අර විදියටම ගිරේ තියලා යවමු.. එතකොට ලන්තෑරුම වැටුන තැනටම වැටිලා ටාං ගාලා සද්දෙත් එනවනේ, කියලා. 🤣🤣
පෙර වගේම උණ ගහ පාත් කරලා ගිරේ ගානට ප්ලේස් කරලා අතෑරලා.. කියන්න සංතෝසයි අන්තිමට ලන්තෑරුමත් නෑ ගිරෙත් නෑ.😣
ප.ලි- මේවා ඒ ගමේ අයව බයිට් කරන්න හදපු මනඃකල්පිත කතා විතරයි. නිකන් ලිව්වේ.. තව ඔය වගේ කරපු ගොං වැඩ තියෙනවා..🙂

Monday, September 23, 2019

෴බාවා෴



නම කියූ සැනින් මතක් ඔබට මතක් වෙන්නේ කුමක්ද. නෑ ඒක ගැන නෙවේ කියන්න යන්නේ (නමුත් ඒ සමග සම්භන්ධයක් ඇති බව කිව යුතුය..) ඒ අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්තරා ජුගුප්සාජනක පුද්ගලයෙකු ගැන..

වෙන මිනිසුන් මෙලොවට බිහි වෙද්දි රීදී හැන්ද හෝ රන් හැන්ද කටේ ගහන් පැමිණියද මොහු පැමිණ ඇත්තේ මෙන්ඩිස් කාලක් කටේ ගහගෙනය..

අඩි හයකට වඩා උස පුද්ග⁣ලයෙකු වන බාවා හට බාවා යන නම ලැබීමට හේතුව ඔබගේ හිතේ තියෙන හේතුවම බව මට පසක් කර කිව හැකීයි.

ඔහුගේ මතය "අපේ තාත්තා නැත්තම් තොපි බොයි සිකරට්".
⁣මන්ද ඔහුගේ පියාගේ නම ජෝන්ය.. කොයි එතකොට ප්ලේයර්..

ප්ලේයර් තමා බාවා. මොකද ඌ ප්ලේ කරන ගේම් දන්නේ ඌත් උගේ යාලුවනුත් පමණකි.. කිසිදා හොර මැර වැඩ නොකරන ඔහු සමාජයට විහිලු සපයමින් ජීවත් වන්නෙකි..
වෘත්තීයයෙන් බර වාහන රියදුරෙකි.. කාලෙකට ටිපර් රථද කාලයකට බස් රථද ලෙස තට්ටු මාරු ක්‍රමයට වෘත්තීය කරන ඔහු නැවත අයිති කරුවන් හට රථය භාර දෙන්නේ කන්ඩම් අවස්ථාවට වඩා මඳක් පමන හොඳින්ය..

ඔහු කල වැඩ ගැන කියනවානම් පොත් රාක්කයක් පිරෙන්නට ලිවීමට කරුණු ඇත..දෙකක් හෝ තුනක් මෙයින් දක්වන්නම්..

අපගේ තරුණ කැල විසින් වාර්ෂිකව සංවිධානය කරන පොසොන් මහා බැදපු බත් දන්සැලට සංවිධානය වෙමින් පැවතියේ පොසොන් දිනට පෙර දිනයේය.. හදිසියේම කසා වර්ණ සහ හරිත වර්ණ ලේබලයෙන් හැඩ ගැන්වුණු, සුණඛයින් පන්නා දැමීමට යොදා ගන්නා බෝතලයක් ඉනේ රඳවා එම ස්ථානයට පැමිණියේ කවුරුත් නොව අපගේ කථා නායකයා වන බාවාය..

පසුව අප කෑම පිළියෙල කරන දෙස විවිධ කෝනයන් ඔස්සේ නැරඹූ ඔහු අපෙන් පැනයක් විමසීය.. අප කරමින් සිටි කාර්යයන් පසුවට දමා ඒ කුමක්දැයි විමසීමු..

"උඹලා දැකලා තියෙනවාද මැහි බතල.."

අප වික්ෂිප්ත වූ දෑසින් ඔහු දෙස බලා සිටිද්දි ඔහු මුඛයත් විවර කර ගනිමින් අවඥ්ඥා සහගත බැල්මක් හෙලුවේය..

අප දස අතේ කල්පනා කලේ මේ බතල වර්ගය මැලේසියන්ද තායිලන්තද නැතහොත් ඇමේසන් වනයේ ගෝත්‍රිකයන් විසින් සොයාගත් අල වර්ගයක්දැයි කියාය.

"තොපි දන්න මැහි බතල" යනුවෙන් පවසා බෝතලය ගෙන තවත් උගුරක් කට තබාගෙනම පානය කල ඔහු,  ⁣ක්‍රෑක් තූඃ කියා කෙළ පිඩක් ගැසුවේය.
 බෝතලය පසෙකින් තබා සරම කැසපොටේ ගහගනිමින්,
"හිටපල්ලාකෝ පෙන්නන්න" කියා සරම උස්සා ලේන් පැට⁣වකු සුරතල් කරන්නා සේ තමාගේ ලිංගය අත උඩ තබා උඩ දමන්නට විය..

"මේ තියෙන්නේ මැහි බතල" කියන විට වට පිටාවෙන් කුණුහරප වැල් පිටින් නිකුත් වූ අතර මට එහායින් සිටි අයෙක් පිහිය අතට ගත්තේ මොන මගුලකටදැයි නොදනිමි. හැබැයි මා විසින් ඔහුව වලක්වාලූයේ තවත් දෙතුන්දෙනෙක් මෙලොවට බිහි කිරීමට සහ සමාජ සේවා විශාල ප්‍රමාණයක් ඇණ හිටීම වැළැක්වීමටයි..
 නමුත් ඔහුගේ සුරත මත තිබූ දෑ දුටු මට හැඟුනේ බාවා යන නාමය ඔහුට සාධාරණයට එහා ගිය යුක්තියක් ඉටු කර ඇත් බවයි.

දෙවැනි සිද්ධියනම් අපගේ පන්සලේ වැඩ සිටි නායක හිමියන් අපවත් වූ දිනයේ සිදු වීමයි...

ගුදමකින් පමණ සූර් වී සිටි බාවා තොමෝ කැටුව අපද විහාරස්ථානයට ගියේ හිමියන්ගේ දෙනට නමස්කාර කිරීමටයි.. නමුත් විහාර ගෙට ගිය මොහොතේ අපට මුහුණ දෙන්නට සිදු වූයේ මහත් වූ අකර තැබ්බයකටයි..

ඒ කුමක්ද යත් ධර්ම ශාලාවට ඇතුල් වන විටම දෑත් හිස මුදුනේ තබා බාවා හැඬීමට පටන්ගත්තේ මේ කුමක් සිදු වුනාදැයි අපට හිතාගන්නටවත් කාලයක් නොතබායි..
ඒ විතරක් නොව ඔහු වැලපුනේ නිකන්ම නොවේ ඒ මෙසේයි..

"අනේ අපේ හාමුදුරුවනේ....කීයක් සනසපු එකක්ද අද ඉතිං මේ අත් දෙකෙන් වහගෙන ඉන්නේ.." යනුවෙනි.

එය කන වැකුණු දෙන වටා සිටි ගමේ ගැහැණුන්ගේ දෑස් වල ගිණි පුළිඟු මතු වනු දුටු මම සහ අනිත් සගයින් දෙදෙන බාවාගේ අතින් ඇදන් එළියට පැමිණියේ තවත් සුළු වේලාවක් මෙහි නතර වුවහොත් අ⁣පගේ අවමගුල හිමියන්ගේ ආදාහනයට පෙර ගැනීමට සිදු වෙන බව හැඟුනු නිසාවෙනි..

මේ කොහේවත් යන බාවෙක් ගැන මම මොන අටමගලයකට මේකේ ලීවාදැයි දැන් මට සිතේ... අමාරුවෙන් දෑඟිලි මත දහදිය වගුරුවමින් ලියූ මෙය මකා දමන්නට ලෝභ කමේ මෙහි පෝස්ට් කරමි..

බාවා පිළිබඳ තවත් කථා බලාපොරොත්තු වන්න..

ස්තූතියි 🙏

#බණ්ඩා

Friday, September 13, 2019

හොල්මන


මේ සිද්ධිය උනේ ටිකක් කාලෙකට කලින්.. අපේ ටවුමේ ඉඳලා කෙලින්ම A9 පාරට වැටෙන ශෝට්කට් එකක් තියෙනවා.. ඒ පාර තියෙන්නේ අර ප්රසිද්ධ ඇහැලේපොළ වලව්ව පැත්තෙන්..
නෑ නෑ වලව්වට සම්භන්ධ නෑ කතාව..🤚 ටිකක් දුර යද්දි තියෙනවා ලොකු සොහොන් පිටියක්.. ඒක පාරේ මට්ටමෙන් ගොඩක් පහල තියෙන්නේ.. පාරේ ඉද්දි සොහොන් ඔක්කොම පේනවා.. ඇඟ හීතල වෙනවා එතනින් යද්දිත්..
මම රාස්ස ගනේ හන්දා යන යන තැන මොකෙක් හරි පේනවා.. ඒ නිසා එ් පැත්ත නොබලා යන්නේ..😋
අපි A9 පාරේ ඉඳන් එද්දි කන්ද නැග්ගම මුදුනේ තමා සොහොන අහු වෙන්නේ. එහෙමම වංගුවක් තියෙනවා.. කන්ද නගිද්දි කෙලින්ම ඉස්සරහා පේන්නේ..
වට පිටාව විස්තර කලේ මේ භූ විෂමතාවත් මගේ කතාවට අදාල නිසා..
කතාවට එමු..
ඔය කියන දවසේ රෑ බණ්ඩාගේ අප්පච්චිට යන්න ඕන උනා අනුරාධපුරේ. හදිසි වැඩකට. මම ඉතිං බයික් එකේ ගිහින් දාලා එන්න පොරොන්දු උනා.. රෑ 10.30ට විතර ගෙදරින් ගිහින් අප්පච්චි බස් එකට නගිනකල්ම ඉඳලා මම ආවා..
දැං සොහොන හරියට එනවා.. බයික් එකත් බජාජ් චැම්පියන් එකක්. හද්දා පරණයි. 117 ඩෑෂ් එකක්. ඒකේ කහ පාට එළියට දැක්කා ඉස්සරහා තියෙන ගස් ටික ඇවිදිනවා. සර බර ගාලා වැටෙනවා. අයේ ඇවිදිනවා.. මම දැන් සොහොන ලඟ නවත්තගෙන.. හීන් දාඩිය ගලාගෙන යනවා දැනුනා.. ඒ මදිවට හුචඃ ගාලා බයික් කට්ටත් නැවතුනා.. ටිකක් වෙලා මම එතනම ඉඳගෙන හිටියා.. ටිකකින් ත්රීවීල් එකක් ඇවිත් ඇහුවා ඇයි මල්ලි කියලා.. මම ඉතිං සෙනාරියෝ එකම කිව්වා.. හිටහංකෝ බලන්න කියලා මූ ගිහින් ⁣හෙඩ් ලයිට් එකම ඇල්ලුවා සද්දේ ආව තැනට. දන්නවනේ ඉතිං. මහ රෑ T20 ගහන්න පුලුවන්නේ ඩබල් ලයිට් එකෙන්.
"ඕඕ කවුද.... මම මේ හරකුංට කන්න තණකොල කපනවා" කිව්වා.. මේ යකා තණකොල කප කප කැලේ අස්සේ ත්රී වීල් එක නවත්තලා ඒකට පටවනවා.. ඒක තමා මට පෙනිලා තියෙන්නේ ගස් ඇවිදිනවා වගේ.😒😒
"⁣මං ඒත් දැක්කා බයික් එකක් නවත්තං ඉන්නවා. මගේ ටෝච් එකත් දාලා ආවා නොවැ" 😣😣
ටෝච් එක ගහගන්න මාමේ $%& කියන්නත් හදලා " එහෙනං මාමේ අපි යන්නං. බුදු සරණයි" කියලා ආවා එන්න
හැබැයි ඒ පාරේ ඇත්තටම එහෙම තියෙනවලු.. තාම මමනං දැක්කේ නෑ..
ඔය පින්තූරේ තියෙන්නේ පහලින් ඒ සොහොන් පිටිය.🙂

ගොහිං ඒන්නං..🙂

Thursday, March 14, 2019

වර්ණපාල තියරිය..෴


කෑල්ලක් නැති කෙනෙකුට කෑල්ලක් දාගන්න එහෙම කියාපු ක්රමේ ඕං.. කොල්ලන්ට විතරක් නෙවේ. දෙපාර්ශවේටම අදාලයි මේක.
මේකේ ⁣කථා නායකයා තමා අපේ හිටපු උසස් අධ්යාපන ඇමති කෙනෙක් වන විශ්වා වර්ණපාල මහතා.. ඔහු මේ වෙනකොටනම් ජීවතුන් අතර නෑ..
මෙන්න මෙහෙමයි කතාව..
අපේ වර්ණපාල මහත්තයා පේරාදෙණිය විශ්ව විද්යාලෙට ගිය අලුතම එයාගේ බැජ් එකේම ඉඳලා සූකිරි කෙල්ලක්😋. ඔන්න ඉතිං අපේ වර්ණපාල මහත්තයාටත් යාන්තමට හිතක් පහල වෙලා මේ ගැන.. යාන්තමට කිව්වට එහෙමමත් නෙවේ🙂..
දැං වැඩේ ගොඩ දාගන්නත් එපැයි. කෙලින්ම ලබ්බ ගලේ ගැහුවා වගේ ඇහුවොත් සෙරෙප්පු සීල් තියාගන්න වෙනවනේ මූනේ. 😣
ඔන්න ඉතිං අපේ ලොක්කා මාස්ටර් ප්ලෑනක් ගහනවා මේකට. ඒ තමයි කෙල්ල යාලුවොත් එක්ක යන වෙලාවක් බලලා වර්ණපාල මහත්තයා හැංගිලා ඉඳලා "වර්ණපාල හූ හූ" කියනවලු🤣 (ජෙහාන් කැලේ නේහ්.🙂)
ඒ මොකටද කියලා අහන්න එපා. හිටහංකෝ ඉතිං අහගෙන.. ඔහොම ඉඳලා පොරගේ යාලුවෝ දෙතුන්දෙනෙක් දම්මලත් වැඩේ කරලා. "ආ.. වර්ණපාලගේ කෙල්ල නේද" වගේ ඒවා කියලා හැංගිලා ඉඳලා.😋
(ඒකට අපේ යාලුවෙක්ට ඔහොම වැඩක් දෙන්න ඕන බලන්න.. පුහ්.😏😏 )
එතකොටත් ඔන්න කෙල්ලොන්ගේ සුපුරුදු වදන් පෙළ දාලා ඉතින්. අපි කැම්පස් ආවේ මේ ලව් කරන්න නෙවේ ඉගෙනගන්න වගේ.. අනේ නිකන් හිටාං. අපි දන්නැද්ද..🤣🤣
ඒත් වැඩේ අඥ්ඥකොරොස් බව වර්ණපාලට තේරෙනවා. ඊට පස්සේ යනවා ප්ලෑන් B එකට. ඒක තමා කෑලෑ පත්තර කැම්පේන් එක. 🙂
කෙල්ලගේ නමයි වර්ණපාගේ නමයි දාලා කැම්පස් එක පුරා කැලෑ පත්තර ගහලා..
මාර පොරක්නේ..😳😳
ඔන්න ඉතිං වර්ණපාලගේ උත්සහයේ ප්රතිඵල දළු ලාගෙන එන්න පටන් ගත්තා. කෙල්ලත් මේ වදෙන් බේරෙන්නද මන්දා කැමති වෙලා..😍😍 අන්තිමට ඒ ගෑණු ළමයම තමා වර්ණපාල මහත්තයා බැන්දේ..

ඒ වගේ කෙනෙක් ඉන්නවනම් තියරිය දාලා බැලුවට පාඩු නෑ ඔන්න.. කොල්ලොන්ට විතරක් නෙවේ ඈ.. කෙල්ලන්ටත් පුලුවන්.🙂🙂
මම තාම පොඩි එකා නිසා අහන්නෙපා ඇයි ඕක ඇප්ලයි කරලවත් හොයාගන්නැත්තේ කියලා.. හාද
එහෙනං සතුටින් ඉන්නකෝ හොඳේ.🙂🙂