Wednesday, October 23, 2019

ගමක් ගැන යමක්


බණ්ඩා අද කියන්ට තනන්නේ ගමක් ගැන. අහලත් ඇති. හද්ද ගොං වැඩ වලට පරසිද්ද ගම්මානයක් තියෙනවා දඹුල්ල කිට්ටුව. මම නම කියන්නෑ. ඒ ගම් වල උදවිය මේකේ හිටියොත් මට දෙස් තියයි. ⁣අපේ ගෙවල් ලඟ අයියා කෙනෙක් ඉන්නවා පොරත් ඔය ගමේ.. එයාලාව පොඩ්ඩක් බයිට් කරන්න තමා මේ කථා ඇදලා ගන්නේ🙂

දවසක් ⁣ගමේ මිනිස්සු නඩයක් ගිහින් කෝනේස්වරම් වඳින්න.. තිරිකුණාමලේ තියෙන්නේ. දන්නවනේ ඉතිං.. එ් එන ගමන් මාකට් එක පැත්තට ගිහින් කකූළුවෝ ටිකක් අරන් ඇවිත්. උන් ඉතිං පණ පිටින්නේ විකුණන්නේ.. මරලා ගොඩක් වෙලා තියන්න බෑනේ. මස් දියවෙනවලු. ගෙවල් වලට ඇවිත් මුංගේ බැමි ලිහලා බකට් එකකට දාලා තියලා...

උදේ බලද්දි එක කකුළුවෙක්වත් නෑලු.. ඔක්කොම පැනලා එලියට. කල්පනා කරලා කරලා ගෙදර සෙට් එක ගියාලු දඹුල්ලේ ඔරලෝසු කණුව ලඟට.. ඉන්නවලු ඉඳගෙන පාර දිහා බලාගෙන..
ඔතනින් ගිය පොලිස් කාරයෙක් අහලා මොකද කරන්නේ කියලා..
" කොහෙන් ගියත් තිරිකුණාමලේ යන්න මෙතනින් යන්න එපැයි. අද දෙන්නං" කිව්වලු.
😋
තව දවසක් රෑ කමතේ කොළ පාගනවලු.. ලන්තෑරුමෙන් තමා එළිය අරන් තියෙන්නේ.. මුලු කමතටම එළිය ගන්නත් එපැයි. ඔතන හිටිය පඬියෙක් කිව්වලු අපි උණ ගහේ එල්ලමු කියලා.. කට්ටියම අදහසට එකඟ වෙලා. කේකකුත් හොයාගෙන උණ ගහක් පාත් කරලා ලන්තෑරුම ඔකේ එල්ලලා අතෑරලා.. ආයේ කියන්න ඕන නෑනේ. කැටපොලෙන් තිබ්බා වගේ ලන්තෑරුම උඩින් පියෑඹුවාලු.. වැටුන තැනක් හොයාගන්නත් බෑ.. පැය දෙක තුනක්ම හොයලා හොයලා බැරිම තැන වැඩේ අතෑරලා..
ටිකකින් ආයෙත් අර පඬියට ඇවිත් අදහසක්..අපි අයෙත් උණ ගහේ අර විදියටම ගිරේ තියලා යවමු.. එතකොට ලන්තෑරුම වැටුන තැනටම වැටිලා ටාං ගාලා සද්දෙත් එනවනේ, කියලා. 🤣🤣
පෙර වගේම උණ ගහ පාත් කරලා ගිරේ ගානට ප්ලේස් කරලා අතෑරලා.. කියන්න සංතෝසයි අන්තිමට ලන්තෑරුමත් නෑ ගිරෙත් නෑ.😣
ප.ලි- මේවා ඒ ගමේ අයව බයිට් කරන්න හදපු මනඃකල්පිත කතා විතරයි. නිකන් ලිව්වේ.. තව ඔය වගේ කරපු ගොං වැඩ තියෙනවා..🙂

No comments:

Post a Comment