Saturday, October 13, 2018

බෝල සබන්

හති දාගෙන හති දාගෙන ගියේ සීට් එකක් නැති වෙයි කියන බයට. දන්නවනේ ඉතිං හවසට බස් වල හිටගෙන යන එකේ ආතල් එක. දාඩිය පුසුඹයි මධුවිත පුසුඹයි. කොන්දොස්තරගේ පාපිස්ස වෙන අපේ කකුලයි.. අයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ සනීපේ..
. වෙලාවට සීට් එකක් තිබුනා.. බලාපොරොත්තුවෙන් ආවෙනං සූටි නංගි බබෙක් ලඟ ඉඳගෙන යන්න ලැබෙයි කියලා. කොහෙද ඉතිං චාන්ස්.. ⁣
සතියක් බාර් වහනවා කියලා කාගේ හරි මුලා වීමකට ලක් වුන අංකල් කෙනෙක් හොඳට දොයියං ඉන්න සීට් එකක් තමා සෙට් උනේ..
ඔන්න ඉතිං රියදුරු මහත්තයත් ඇව්ත් සීට් එකේ හරි බරි ගැහිලා වාඩි වෙලා නමෝ විත්තියෙන් දැම්මා ඔන්න යුගයේ නැගී එන සහරා ෆ්ලෑෂ් සංගීත මෙව්වා එකේ නන්ස්ටොප් ටිකක්.. බස් එක දැං ඇටෑක් සෝ එකක් වගේ.. හරි සුන්දරයි..
ඔන්න ඔහොම ටිකක් ඉද්දි ⁣අංකල් කෙනෙක් නැග්ගා බස් එකට.. පොලිතින් කවර වල දාලා මොනවදෝ ජාතියක් එක්ක..
මෙයා දැන් බස් එකේ ඉස්සරහ හිටගෙන.. කියන මෙලෝ හසරක් ඇහෙන්නෑ තුෂාර අයියාගේ කෑගැහිල්ලට.. අතරින් පතර ඇහුනා "ශාකසාර", "පාවිච්චි කරලා බලන්න" කියලා.. ලොවෙත් සබං ජාතියක් වෙන්න ඕන.. බස් එකේ හිටිය ගොඩක් අය ගත්තා. මමත් ඔන්න ඔහේ රුපියල් 50නේ කියලා ගත්තා...
ගෙදර ගිහින්, පාවිච්චි කරලා බලන්නත් එක්ක නාලා ගෑවා බලන්න.. පෙණ ගතියක්නං එන්නේ නෑ.. සුවඳකුත් නෑ.. නිකන්ම කැඩි කැඩි යනවා.. කොහොමින් කොහොම හරි එකපාරින්ම සබං කැටේ සුං..
දැං ඉතිං මොකක් කරන්නද.. අංකල්ගේ මෑණියන්ට පිං පමුණුවමින් දවස ඉවර කලා..
ඔන්න තවත් දවසක බස් එකට නැගලා ඉඳගෙන ඉද්දි අර අංකල් එදත් ආවා.. ඔන්න දැං පොර ⁣ප්‍රොමෝට් කරන වැඩේ පටං අරං..වෙලාවට අද වෑර්ලස් වැඩ නෑ..
⁣සීවරං දෙයි හාන්දුරුවනේ... හීන්දාඩිය දාන්න ගත්තේ ප්‍රොමෝට් කරන්න ගත්තම...
"ඉල්ලන්න මාත්තයා පත්තු කලොත් ගෙදරටම එකයි.. තනිකර ශාකසාර. කෙමිකල් නෑ.. මදුරුවෝ මැස්සෝ හෝ හපුටෝ ඕන එකෙක් යනවා.. අරං බලන්න. කෑල්ලක් 50යි.. ."

No comments:

Post a Comment