Wednesday, November 14, 2018

නිවාසාන්තර ක්‍රීඩා.




         "අඩේ වරකෝ ප#@$ යන්න. වෙලා යනවා."

         ඒ මගේ අතිජාත ටිකක් පජාත යාලුවා. කරුමයක මහත නම් උගේ නමත් බණ්ඩා..

         "හිටු හිටු බල්ලෝ බඩු ටික ගන්නකල්."😡

          කොහෙද මේ යන්නේ..  හෙට තමා සහොදර සහොදරියනි අපේ ඉස්කෝලේ නිවාසාන්තර මෙව්වා එක.. ඉතිං අපි තමා පාසැල් ශිෂ්‍ය භට කාණ්ඩයේ භටයෝ.. මමයි මගේ යාලුවෝ සෙට් එකයි තමා ඉන්න කොප්‍රල්ලා ටික.. සාජනුත් අපේම එකෙක්... අපේ අතේ තමා දැං ගේම තියෙන්නේ.. බූට් දෙක කිරි ටොයියට තියෙන්න ඕන නිසා එළි වෙනකල් පොලිෂ් කිරිල්ලක් තමා.

      මේ වගේ දවස් වල අමුවෙන් ඉන්න සිරිතක් කොයින්ද අපිට.. එන ගමන් කළමනා ටිකත් අරන් ආවේ.. හැබැයි සැන්ඩි වලට මදි උනා. මේ හැම භාහිර ක්‍රියාකාරකමක්ම උනේ ශිෂ්‍ය භට කාමරයේ.. ඕකේ අස්සක බඩු ටිකත් හංගලා දැන් අපි වැඩ..

අහෝ ඛේදයකි ඉරකි තිතකි.. පිට්ටනිය පැත්තේ මහා කාලගෝට්ටියක් ඇහෙනවා.. මෙන්න ටිකකින් කිං කොං වගේ ඩයල් එකක් එනවා අපේ පැත්තට.. කාලා වරෙන්කෝ බල මාලු.. අපේ පාසැලේම හැදී වැඩී නටන්න ඕනි දහ අට පාලි සියල්ලම නටපු අයියා කෙනෙක් ඒත් කරුමෙට එයා දැන් මේකේම සර් කෙනෙක්..

"ගනියව් තොපේ ඔය සපත්තු ටික ස්පොට් රූම් එක ඇතුලට දාලා වහලා හෙට උදේ ඇවිත් පොලිෂ් කරපියව්"

හත් දෙයියනේ මොකක්ද මේ එක සැරේටම උනේ.

"ඇ..ඇයි සර්" හඩ අවදි කලේ සාජන්.

"ඇයි..? තොපි ගෙනාපුවත් ගනියව් එළියට"

"මොනවද සර්"

" ඒකෙන් වැඩක් නෑ. අද රෑ එකෙක්වත් මේකේ ඉන්නේ නෑ. ඔක්කොම යන්න ඕනි ගෙවල් වලට. ගිහින් හෙට උදේම වරෙව්."

කරුමයක මහත. දහය වසරේ උන් ටිකක් බී බී ඉද්දි පිනාගේ අතටම මාට්ටු වෙලා..
දැන් රෑ 9.30.. ගෙදර යන්න බසුත් නෑ. ගම වටේ ටිකක් ඇවිද ඇවිද හිටියේ සිරි නරබන්නම නෙවේ.. ඒ වෙලාවේ හිතුනේ බොතලේ ඉවර කරලා මැරුණත් කමක් නෑ කියලා..  ඔහොම ඉද්දි කාගේ හරි ටිකිරි මොලේට ආවා අදහසක්.. පන්සල ඉස්සරහ තියෙන මොන්ටිසෝරියේ පිටිපස්සේ බොන්න පුලුවන් කියලා.

සෙට් එක දැන් ටික ටික පදමට ඇවිත්. ඒ අස්සේ එකෙක්ට සිංදුත් එනවා..🍷

"එදා මෙදා තුර...."🎸

"කට වහපිය වේ@#යේ.. කාට හරි ඇහිලා පිනාට කිව්වොත් අපිට එදා මෙදා තුර නොකාපු කෑමක් කන්න වෙන්නේ" නැවතත් නඩේ ගුරා සාජන්.

ඔන්න ඔහොම සප්පායම් වී මාර්ග සංවර්ධන අධිකාරිය මගික් අපට පැවරූ තාර පාර මත සිග් සැග් ඇදීම කරගෙන යන අපගේ එකම එකම පැතුම වූයේ ඇල වීමට ඉඩකි..  මගේ මීටරේට ටිං ගාලා සද්දෙත් එක්කම වැටුනේ පාසැල ලගම පිහිටි සමූපකාර අලෙවි සැලයි.  පය ඉක්මන් කර හරි බරි ගැහුනේ එතන සිටි බල්ලන් කිහිප දෙනෙකුගේද නිදි යහන අහිමි කරමින්..

මගේ තිබුන ඉස්පීකර 6 තඩි චයිනීස් පෝන් එකෙන් ජෝති පාල මහතාගේ ගීතයක් පසුබිමින් වාදනය වන අතර තුර අප නිදි දෙව්දුවගේ සමීපයට වැදුනා...😴

හීනියට කචි බිචියක් එක්ක හිනා හඩක් ඇහුනා ලාවට.. ඇස් දෙකේ පිහදාලා හිරි ගැට කඩන ගමන්..
නින්දෙන්ම මැරිලා ගියානම් කොච්චර හොදද කියලා හිතන ගමන් මම වටපිට අතගෑවේ අනිත් උන්ටත් ඇහරවන්න.. 😭😭

 මොන තරම් අවාසනාවක්ද.. සමූපකාරේ ලගින්මයි අපේ පාසැලේ ප්‍රාථමිකේ තියෙන්නේ්‍..


චූටි නංගිලා මල්ලිලා ටිකකුයි උදේ පාන්දර අපි ඉස්සරහා හිටගෙන අපිට කින්ඩියට හිනා වෙනවා..

 දෙපැත්ත අත ගෑවේ අනිත් උන් ඉන්නවද බලන්න.. උන් දෙන්නත් නැගිටලා උදේ පාන්දර යකෙක් දැකලා වගේ බලන් ඉන්නවා..

ඔක්කෝටම වඩා ලැජ්ජාව අලුත පත්වීම් ලැබුන ටීචර්ලා ටිකකුත් ඈත ඉදන් බල බල හිනා වෙනවා... 😖

ඇති වූ හතර විලි ලැජ්ජාව දෙකට  නමා සාක්කුවට දාගෙන බෑග් එක උඩ දොයියන් හිටපු බල්ලත්  එළවන ගමන් පොඩි කොල්ලන්ගේ හූ හඩ මධ්‍යයේ ශිෂ්‍ය භට සෙනාවම නැගිට්ටේ අපගේ පාසල කරා පියමං කිරීමටයි.


නිමි

Saturday, October 13, 2018

බෝල සබන්

හති දාගෙන හති දාගෙන ගියේ සීට් එකක් නැති වෙයි කියන බයට. දන්නවනේ ඉතිං හවසට බස් වල හිටගෙන යන එකේ ආතල් එක. දාඩිය පුසුඹයි මධුවිත පුසුඹයි. කොන්දොස්තරගේ පාපිස්ස වෙන අපේ කකුලයි.. අයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ සනීපේ..
. වෙලාවට සීට් එකක් තිබුනා.. බලාපොරොත්තුවෙන් ආවෙනං සූටි නංගි බබෙක් ලඟ ඉඳගෙන යන්න ලැබෙයි කියලා. කොහෙද ඉතිං චාන්ස්.. ⁣
සතියක් බාර් වහනවා කියලා කාගේ හරි මුලා වීමකට ලක් වුන අංකල් කෙනෙක් හොඳට දොයියං ඉන්න සීට් එකක් තමා සෙට් උනේ..
ඔන්න ඉතිං රියදුරු මහත්තයත් ඇව්ත් සීට් එකේ හරි බරි ගැහිලා වාඩි වෙලා නමෝ විත්තියෙන් දැම්මා ඔන්න යුගයේ නැගී එන සහරා ෆ්ලෑෂ් සංගීත මෙව්වා එකේ නන්ස්ටොප් ටිකක්.. බස් එක දැං ඇටෑක් සෝ එකක් වගේ.. හරි සුන්දරයි..
ඔන්න ඔහොම ටිකක් ඉද්දි ⁣අංකල් කෙනෙක් නැග්ගා බස් එකට.. පොලිතින් කවර වල දාලා මොනවදෝ ජාතියක් එක්ක..
මෙයා දැන් බස් එකේ ඉස්සරහ හිටගෙන.. කියන මෙලෝ හසරක් ඇහෙන්නෑ තුෂාර අයියාගේ කෑගැහිල්ලට.. අතරින් පතර ඇහුනා "ශාකසාර", "පාවිච්චි කරලා බලන්න" කියලා.. ලොවෙත් සබං ජාතියක් වෙන්න ඕන.. බස් එකේ හිටිය ගොඩක් අය ගත්තා. මමත් ඔන්න ඔහේ රුපියල් 50නේ කියලා ගත්තා...
ගෙදර ගිහින්, පාවිච්චි කරලා බලන්නත් එක්ක නාලා ගෑවා බලන්න.. පෙණ ගතියක්නං එන්නේ නෑ.. සුවඳකුත් නෑ.. නිකන්ම කැඩි කැඩි යනවා.. කොහොමින් කොහොම හරි එකපාරින්ම සබං කැටේ සුං..
දැං ඉතිං මොකක් කරන්නද.. අංකල්ගේ මෑණියන්ට පිං පමුණුවමින් දවස ඉවර කලා..
ඔන්න තවත් දවසක බස් එකට නැගලා ඉඳගෙන ඉද්දි අර අංකල් එදත් ආවා.. ඔන්න දැං පොර ⁣ප්‍රොමෝට් කරන වැඩේ පටං අරං..වෙලාවට අද වෑර්ලස් වැඩ නෑ..
⁣සීවරං දෙයි හාන්දුරුවනේ... හීන්දාඩිය දාන්න ගත්තේ ප්‍රොමෝට් කරන්න ගත්තම...
"ඉල්ලන්න මාත්තයා පත්තු කලොත් ගෙදරටම එකයි.. තනිකර ශාකසාර. කෙමිකල් නෑ.. මදුරුවෝ මැස්සෝ හෝ හපුටෝ ඕන එකෙක් යනවා.. අරං බලන්න. කෑල්ලක් 50යි.. ."

Monday, October 1, 2018

මධු සමය

මනාලිය-  "මහත්තයෝ"

මනාලයා-  "ම්ම්"

මනාලිය- "එන්නකෝ ටිකක් ලඟට"

මනාලයා-  "බබා. ඔයා දන්නවද කාශ්‍යප රජතුමා සේනා සංවිධානය කරන්න උපදෙස් ගත්තේ මගෙන්"

මනාලිය-  "අනේ..."

මනාලයා-  "රාම රාවණ යුද්දෙදි හනුමන්තට ලංකාවේ බෙහෙත් තියෙනවා කියලා කිව්වේ මම."

මනාලිය මුහුණ හකුලුවා ගනී.

මනාලයා-  "අයේ කුවේණිට කපු කටින්න මැෂින් එක ගන්න කවුද සල්ලි දුන්නේ.. මම"

මනාලිය⁣ට ඈනුමක් හරී.

මනාලයා-  "ඒ කාලේ ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි සංවිධානය කරලා පාගමන් ගියෙත් මම..තනියම"

මනාලිය නිදි කිරා වැටේ.

මනාලයා-  "ම්ම්.. දුටු ගැමුණු රජතුමාගේ තාත්තට බ්‍රා එකක් යවන්න අයිඩියා එක දුන්නෙත් මම තමා..."

මනාලිය ගොරවමින් නිදයි.

"ටොක් ටොක් ටොක්"

"සර්ට පාර්සලයක් තියෙනවා. සර් චතුර සෙනාරත්න නේද"

මවාලයා- "බ බ බ ඉන්න මල්ලි. මම එනවා."


#බන්ඩා

Friday, September 7, 2018

නූතන බැති ගී..

ඔය දැං මාස දෙක තුනකට උඩදි තිබ්බනේ ⁣වෙසක් පෝය.. ඔන්න ඉතිං මමත් ඔය අහල පහල ඈයෝ ටිකක් එක්ක බර බාගෙක නැගලා ගියා වෙසක් බලන්න.. බර බාග කිව්වේ ඉතිං ඩීමෝ බට්ටා තමා.. ඇයි දන්නවද ඒක⁣ට බර බාග කියන්නේ.. කන්දක් එහෙම සෙ⁣ට් උනොත් පටවං ඉන්න බරෙන් බාගයක්වත් අයින් කරන්න ඕන උඩට යන්නනං.. බල්ලා ගැන කියන්න ගිහිං මැක්කා ගැන කිව්වද මන්දා.. 
හරි කතාවට යමුකෝ..
ඔන්න ඉතිං අපි හුටු හුටු ගගා ආවා කෙහොමින් කොහොම හරි දන්සැලක් ලඟට.. අපේ උන්ට දන්සැලක්නං ඉතිං වෙන මොකුත් එපානේ.. ඔන්න ඉතිං පොලිමේ යනවා.. දන්සැලකට නුහුරු සිංදු ටිකක් ඇහෙනවා...
"තෙරුවන් සරණයි ඔයාට"
"නිදුකින් ඉනු මැන මට වඩා කල්"
"රත්නත්තරේ පිහිටයි"
"වැඳ බුදුන්ගෙන් පවා"
🙏🙏
දෙයියනේ මේ මොනාද.. දැන් ඉතිං අපේ අර පශ්චාත් බාගේ ඉන්න ඉත්තෑවෝ ටික ධාවනය ආරම්භ කරන මොහොත... අර බැජ් එකක් ගහගෙන හිටපු කොල්ලෙක්ට අඩ ගහලා ඇහුවා..
"ඈ බොල මල්ලියේ..  මොනාද මේ සිංදු.. දාපංකෝ බෙග් මාස්ටර්ගේ සිංදු ටිකක්.."
මෙන්න මේකා කියපි.
"අයියේ බලන්න මේ සිංදු. මෛත්‍රී කරන හැටි බලන්න.  අපේ ආච්චි වැඳගෙන අහන්නේ අයියේ මේ සිංදු ටික.. බය නැතිව පන්සලේ උනත් දාන්න පුලුවන් නේද අයියේ..."
මමත් ඉතිං "සානුකම්පාවෙන් බලන්නේ මං ඔයා දිහා" කියලා ආවා එන්න.. බත් කන්නත් පිරියක් තිබුනේ නෑ.

අරූ කියපු එකත් ඇත්ත.. මොන බලු වැඩේ තමන්ට කරලා ගියත්, ගිය එකාට මෛත්‍රී කරවන්න මේ සිංදු ගොඩක් වටිනවා.. 👍👍

#බණ්ඩා

Sunday, September 2, 2018

බණ්ඩගේ ළමා කාලය හා බංඩයියලාගේ ළමා කාලය

බණ්ඩාගේ දෙවෙනි මෙව්වා එක විදියට ගෙනාවා ඕං පොඩි කාලේ ගැන..
ඇත්තටම පිංවත්නි බණ්ඩාගේ පොඩි කාලේ ඔය හූනියං කැට ( හෑං පෝං) තිබුනේ නෑ අපිට.. තිබ්බා පට්ට සල්ලි කාරයෝ ළඟ.. බුදු අම්මේ ඒ කාලේ අර කැමරාව තියෙන පෝන් එකක් දැක්කොත් නිකං අ⁣පේ පැත්තේ පාරක ලැම්බොගිනියක් ගියා වගේ තමා.. ඕ.. මටත් මතකයි බස් එකක් ඇතුලේ මිනිහෙක් අර අරින වහන කැමරා පෝන් එකකිං කෝල් එකක් ගන්නවා.. මම කෑ ගහපි 

"ආං කැමරා පෝන් එකක්" කියලා..

හතර විලිලැජ්ජාවයි.. අම්මට ඇඩ්රසුත් නෑ..
.. මට තේරෙන එකක්යැ..🙊

ඔන්න ඔහොමයි බන්ඩගේ කාලේ..
ඒකට දැං.. හප්පේ.. අම්මා පොඩි එකාව නලවන්නෙත් පෝන් එක අතට දීලා..
අපේ කාලේ ඉස්කෝලේ ඇරිලා ආව ගමන් දුවන්නේ සෙල්ලං කරන්න බත් එකවත් නොකා.. හිටියේ ගස් ගල් උඩ.. කජු පුහුලං කාලෙට කටවල් දෙපැත්ත මාර ලස්සනයි.. ජෝකර්ලා වගේ..👺

අත්තම්මගේ චීත්තේ හොරකං කරන් යන්නේ ඇලට තිත්තියෝ අල්ලන්න..  🐡
සමහර දවසට අප්පච්චි එතනට ඇවිත් මාලුන්ට බැනපු වාර ගණන අනන්තයි.. මොකුත් නොදන්න අපේ චීත්තෙට උන් ඇවිත් අපිට පව් පුරවනවා කියලා..ඉතිං උන්ට තේරෙන එකක්යැ..

අ⁣ඹ තියෙන කාලෙට අඹ ටේස්ට් දාන්න ගෙදරින් එලියට යද්දිම ලුණු, මිරිස් කුඩු, තුනපහ, පොල්.....😅 (අනේ යකෝ උඹත් ඉතිං අහගෙන ඉන්නවා තුනපහ පොල් මොකටද බං අඹ ටේස්ට් එකට.😜.) අරගෙන තමා යන්නේ..
ඕං ඉතිං රාජකාරි ඉවර වෙලා හවස 5 වෙද්දි කොහේ හිටියත් මායා බන්ධන බලන්න කොල්ලා ගෙදර.. එකත් බලලා 6 ට ජාතික එකේ යන "ගොවි බිමට අරුණලු" ත් බලලා තමා ඕං පොත අතට ගන්නේ..
දැං හැදෙන අප්පලානං ඉස්කෝලේ ඇරිලා ආව ගමන් දාගන්නවා ඩබල් එක්සෙල් ටීෂර්ට් එකකුයි ඇට මාලෙයි ⁣ඇදේට හිටින්න තොප්පියකුයි. ගම වටේ විසිට් එකක් දා⁣නවා කාගේ හරි හොන්ඩා ඩියෝ එකක් ඉල්ලං.. (ස්පොන්සර් කරලා එහෙම නෑ හොඳේ.)
අැවිදින්නෙත් නිකං Fill-T වගේ.( ඔව් ඔව් මල්ලිගේ අයියා.. )

තව තියෙනවා අර තොල යට තියාගන්නේ.. හ්ම්ම් තූල් තමා.. ඕවා ටිකක් එහෙම හොයාගෙන තියාගෙන සැපේ ඉන්නවා..
දැං දැං ඔය ගම් වල පොඩි උන් පුරුදු වෙලා ඉන්නවා ටැබා ගහන්න.. දන්නැති අය බලන්න Tramdol-X තමා ඒ බෙහෙත.. දරුණු පිළිකා ලෙඩ්ඩුන්ට තමා දෙන්නේ.. අපේ උන් ගන්නෙත් පිළිකා වලටද.? නෑ.. එක ගහපුවාම වදිනවලු.. ආච්චිගේ තට්ටේ😡😡.. මුං විනාස වෙනවා.. ඒවා ගැන පස්සේ කියන්නංකෝ..
ඔන්න ඔහොමයි බණ්ඩාගේ ළමා කාලෙයි දැං ඉන්න නිගා ලගේ ළමා කාලේ උනේ..

"කාලය මැව් වෙනසක අරුමේ"

Saturday, September 1, 2018

බණ්ඩා සහ ගල

 හා හා පුරා කියලා ඕං බණ්ඩා මුල්ම පොස්ටුව පබිලිස් කොලා.. මේක බණ්ඩාගේ පළවෙනි හැබැහින් බල්ටි ගැහිල්ල තමා ආයිබොවන්ඩ.. 🙏
බණ්ඩා හිච්චා කාලේ.. ඒ කිව්වේ අවුරුදු හතරෙදි වගේ මෑණියන් හා පියාණන් සමග ඉතා විශාල සංග්‍රාමයකිං පසු යටත් වී මරන්ට ඇදන් යන හරකෙක් වගේ ශ්‍රද්ධාවෙන් නාන්ට යනවා.. නාන්ට ඇදගෙන යනවා කිව්වනං තමා හරි..

ආහ්.. මම ඉන්නේනං මාතලේ.. හරිම සුන්දර ගමක තමා මම ඉන්නේ. සුන්දර කඳු පන්ති⛰️ වලින් වට වෙච්ච අඬ දබර, කෙහෙ වලු ටුවිස්ටිං, සෞම්‍ය වාග් ප්‍රහාර මැද තමා ගම තිබ්බේ..
අපි නාන්න යන්නේ කන්දේ උල්පතකිං ගලාගෙන එන ඇළක් හරස් කොරලා බැඳපු පොඩි මෙව්වා එකකට.. ඇළක් කිව්වට ⁣Z ඇළ වගේ නෙවේ බොල.. විනාඩියට ඝණ මීටරයක් වගේ ගලන හෙන හුරුබුහුටි එකක්..

ඔන්න පියාණන් විසින් මහත් වූ පරිශ්‍රමයක් දරලා බණ්ඩාව නාවලා ගොඩින් තියලා පිහලා කිරි ටොයියා වගේ අන්දලා ඔතන හිටු කියල එයා ගියා නාගන්ට.. ඔතනම එහා පැත්තේ තියෙනවා ගලක්.. ඕක හරියටම හැඩේ කිව්වොත් සමණලකන්ද පැත්තෙන් බැලුවම තියෙන්නේ. අන්න ඔය හැඩේ.. ඒ කාලෙනං බණ්ඩගේ බඩ ගාවට උසයි ගල.. (කලු ගල යකෝ..😡) 
ඔන්න ඉතිං දැන් බණ්ඩා ඉන්නේ සුපර්මෑන් මොඩ් ඔන් කරං.. අර ගලට නගිනවා බිමට පනිනවා.. ආයෙත් නගිනවා ආයෙත් පනිනවා.. ඔහොම ඉද්දි බණ්ඩාගේ නෙත ගැටෙනවා එතනම තියෙන පොල් ගහක අත්තක් නැමිලා තියෙනවා.  මේක දැකපු ගමං බණ්ඩා පැනපි අත්තේ අගිස්ස අල්ලන්න..
ඇල්ලුවා තමයි පිංවතුනි.. අහෝ ඛේදයකි ඉරකි තිතකි.. අත්තත් එක්කම ඩෝං ගාලා මූණ ඇනුනා ඉස්සරහ තිබුන ගලක.. අප්පච්චි ඇවිත් ටොක්කකුත් අනින ගමන් නැගිට්ටුවා..

"කෝ බොල මේකගේ ඉස්සරහ දත් දෙක..😮😮 "

හුටා... වැදුන පාරට විදුරුමහත් කඩාගෙන දත් දෙක උඩට ගිහිං..
දැන් මක්ක කොරන්ටද..

හුසේයින් බොල්ට් වගේ පියාණන් විසින් ලේ පෙරමින්සිටි බණ්ඩාව උස්සන් ගෙදර දුවනවලු..
ඒ අස්සේ මේකා කියපි

"  අප්පත්ති අප්පත්ති. අල ගලත් අලං යල්ල වෙයිද දොත්තලත පෙල්ලල්ල" 😇

බණ්ඩගේ හැටි හිතාගන්ටකෝ..🙊